Monday, November 9, 2026
HomeNEWSසියලු පර්යන්ත එක්වී කොළඹ වරාය බබළවන්නට කටයුතු කළ යුතු බවට ඇමැති...

සියලු පර්යන්ත එක්වී කොළඹ වරාය බබළවන්නට කටයුතු කළ යුතු බවට ඇමැති බිමල් ගෙන් උපදෙස්.

ගරු අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ විශේෂවරාය නිරීක්ෂණ චාරිකාව ############## ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා ද නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතවක්කු මහතා ද අද කොළඹ වරායේ ව්ශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. වරාය අධිකාරියේ සභාපති, උප සභාපති, කළමනාකාර අධ්‍යක්ෂ ඇතුළු නිළධාරීන් ද එයට සහභාගී වුණා.එහි දීනැගෙනහිර බහාලුම් පර්යන්තය, බටහිර බහාලුම් පර්යන්තය, ජය බහාලුම් පරයන්තය, CICT සහ SAGT යන යන සියලු පර්යන්ත වලට ගොස් සේවක ගැටළු පිලිබඳව සාකච්ඡා කර ඒවා විසඳන්නට අමාත්‍යවරයාගේ උපදෙස් ලබා දුන්නා. සියලු පර්යන්ත වල ප්‍රගතිය සමාලෝචන කළ අමාත්‍යවරයා මෙය ආකර්ශනීය වරායක් කරගැනීමට අවශ්‍ය දිරිමත් කිරීම සහ නෞකා පැමිණීම වැඩිකරගැනීමට මෙන් ම බහාලුම් ප්‍රමාණය වැඩිකරගැනීමට අවශ්‍ය උපදෙස් ද ලබාදුන්නා.වි⁣ශේෂයෙන් නැගෙනහිර බහාලුම් පර්යන්තයේ කටයුතු අවසන් කිරීමේ ප්‍රමාදය නිසා සිදු වූ පාඩුව ගැන විමසා බැලූ අමාත්‍යවරයා එය 2025 ජූනි මස අවසන් කරන්නට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්නට ද උපදෙස් දුන්නා. සියලු අංශ වල සේවකයින් හා සුහද කතා බහක නිරත වෙම්න් සිදු කළ මේ චාරිකාව තුළ අමාත්‍ය බිමල් රත්නායක මහතා අවධාරණය කළ වැදගත්ම කරුණක් වූයේ මෙම වරායේ විවිධ නමින් පර්යන්ත ක්‍රියාත්මක වුව ද සියල්ලන් එකමුතුව මෙය “කොළඹ වරාය” ලෙස ජාත්‍යන්තරයේ බබලවන්ට කටයුතු කිරීම ඉතා වටිනා බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොහොට්ටුවේ මහලේකම්ගෙන් විපක්ෂ නායකට හදිසි ලිපියක්

08/11/2026 සජිත් ප්‍රේමදාස මැතිතුමා, විපක්ෂ නායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ. ගරු විපක්ෂ නායකතුමනි, සම්බුද්ධ ශාසනයට හා භික්ෂුන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන්ගේ හදිසි...

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන්

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන් ව්‍යවසායකයාට සහ කර්මාන්තකරුවන්ට නිසි වටිනාකමක් හිමිවන, රාජ්‍ය සේවකයින්ට තෘප්තියෙන් වැඩ කළ හැකි සමාජයක් වත්මන් රජය යටතේ නිර්මාණය...

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ… ජල බැසයාමේ අවහිරතා පවතින ස්ථාන 60ක් හඳුනාගැනේ. ප්‍රමුඛතා පදනමින් අවහිරතා ඉවත්...

මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා – විපක්ෂ නායක සජිත්

මාස හයෙන් කොළඹට පුනරුදය ස්ථාපිත කරන්න ආ මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනවල ලැබුණු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img