ගැටලු පවතින පසුබිමක වුවද ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂය ශක්තිමත් කිරීමට ශ්රී ලංකා නිදහස් පක්ෂය කිසිසේත් සුදානම් නොමැති බව අමාත්ය මහින්ද අමරවීර මහතා පවසයි.
අමාත්යවරයා ප්රකාශ කළේ බිම් මට්ටමේ නිදහස් පක්ෂ සාමාජිකයන්ට මුහුණදීමට සිදුව ඇති ගැටලු සම්බන්ධයෙන් ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින් සමඟ සාකච්ඡා කර විසඳුම්වලට එළඹීමට නියමිත බවය.
“ඇත්තටම ගැටලුවක් තියෙනවා ඇත්තටම. නෑ කියන්න බෑනේ. ප්රධාන වශයෙන් අපේ ශ්රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම්වලට ක්රියාකාරිකයින්ට ආණ්ඩුවේ පාර්ශවකරුවන් විදියට සලකන්නේ නැති එක පිළිබඳ යම් ගැටලුවක් තියෙනවා. විවිධ කට්ටිය විවිධ දේ කිව්වත් පක්ෂයේ ප්රධානීන් එහෙම දෙයක් කිව්වේ නෑනේ. අපි බලපොරොත්තු වෙන්නේ සියලු දේවල් සාකච්ඡා කරන්න ජනාධිපති හා අගමැතිතුමා ඇතුළු ප්රධානීන් එකක්.“
ගැටලු හමුවේ ශ්රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනය කරන අමාත්යවරුන්ට සෘජු තීරණයක් ගැනීමට නොහැකි බව සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී ජේ.සි අලවතුවල මහතා පැවසීය.






















