Friday, October 30, 2026
HomeNEWSවිශ්වවිද්‍යාල සිසුන්ට නොමිලේ ඇස් කණ්ණාඩි ලබාදීමේ පළමු වැඩසටහන රජරට විශ්වවිද්‍යාලයේදී

විශ්වවිද්‍යාල සිසුන්ට නොමිලේ ඇස් කණ්ණාඩි ලබාදීමේ පළමු වැඩසටහන රජරට විශ්වවිද්‍යාලයේදී

විශ්වවිද්‍යාල සිසුන්ට නොමිලේ ඇස් කණ්ණාඩි ලබා දීමේ
පළමු වැඩසටහන රජරට විශ්වවිද්‍යාලයේදී

ජනාධිපති අරමුදල මඟින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩි ලබාදීමේ වැඩසටහනේ පළමු අදියර පසුගිය 17දා රජරට විශ්වවිද්‍යාලයේදී පැවැත්විණි.

ඒ අනුව, පසුගිය සැප්තැම්බර් 19වෙනිදා පැවැති අක්ෂි පරීක්ෂණවලදී ඇස් කණ්ණාඩි අවශ්‍ය බව හඳුනාගත් සිසු සිසුවියන් 316දෙනෙකුට මෙහිදී නොමිලේ ඇස් කණ්ණාඩි ප්‍රදානය කෙරිණි.

ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ඉදිරියේදී දිවයිනේ සියලු විශ්වවිද්‍යාල ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ජනාධිපති අරමුදල කටයුතු සූදානම් කර තිබේ. බ්‍රිතාන්‍යයේ Stroud Rotary Club සහ Wish පදනම මෙම වැඩසටහන සඳහා දායකත්වය සපයයි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අරමුදලේ පාලක මණ්ඩල සාමාජික, සම්මානිත මහාචාර්ය ජේ.ආර්.පී. ජයකොඩි මහතා සඳහන් කළේ, පසුගිය කාලයේදී අවභාවිතයට ලක් වූ ජනාධිපති අරමුදල වත්මන් ජනාධිපතිවරයා බලයට පත්වීමෙන් අනතුරුව පත් කරන ලද නව පාලක මණ්ඩලය විසින් විධිමත් වැඩපිළිවෙළකට යොමු කරනු ලැබ ඇති බවයි.

මීට පෙර අරමුදලේ ප්‍රතිලාභ ලබාගැනීම සඳහා ජනාධිපති කාර්යාලයට පැමිණීමට සිදු වුවද, මේ වන විට එම සේවාව ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ලබාගත හැකි පරිදි විමධ්‍යගත කර තිබෙන බවද ඒ මහතා පැවසීය. ඒ අනුව, මාස දෙක තුනක් ඇතුළත අදාළ ප්‍රතිලාභ ලබාගැනීමට හැකි වී ඇති අතර, මෙම ක්‍රමවේදය හේතුවෙන් ඇතැම් පළාත්වල ප්‍රතිලාභීන් සංඛ්‍යාව 100%කින් පමණ ඉහළ ගොස් ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.

සමස්ත විශ්වවිද්‍යාල අතරින් මෙම වැඩසටහනේ පළමු අදියර සඳහා රජරට විශ්වවිද්‍යාලය තෝරාගැනීම පිළිබඳව ජනාධිපති අරමුදලට සහ එහි කාර්ය මණ්ඩලයට ස්තූතිය පළ කරන බව රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය බන්දුල ජයතිලක මහතා සඳහන් කළේය.

ඇස් කණ්ණාඩි අවශ්‍යතාව ඇති බොහෝ පිරිස සිටිය හැකි වුවද, විශ්වවිද්‍යාල සිසුන්ට ප්‍රමුඛතාව ලබා දෙමින් මෙම වැඩසටහන ආරම්භ කිරීමට ජනාධිපති අරමුදල පියවර ගෙන ඇත්තේ ඔවුන් රටේ අනාගත දිශානතිය තීරණය කරන පිරිසක් වන බැවින් බවද උපකුලපතිවරයා පෙන්වා දුන්නේය. මෙම වැඩසටහනේ ප්‍රතිලාභ ලබන සිසුන්ට ඒ වෙනුවෙන් මහඟු වගකීමක් පැවරෙන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති අරමුදලේ ලේකම් රෝෂන් ගමගේ මහතාද මෙහිදී සිසු සිසුහූ අමතා අදහස් දැක්වීය.

ජනාධිපති අරමුදලේ නිලධාරීහු, විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩල සාමාජිකයෝ සහ සිසු සිසුවියෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2026-10-19

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කිසිම මුස්ලිම් මන්ත්‍රීවරයෙකුවත් කාශ්මීරය ගැන කතා නොකිරීම කණගාටුයි- ශිරාස් යුනුස්

වර්තමාන ආණ්ඩුව සහ විරුද්ධ පක්‍ෂය කාශ්මීරය ගැන කතා නොකිරීම ඉතාම කණගාටුවට කරුණක් බව නව ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ෂිරාස් යුණුස් මහතා ප්‍රකාශ කරයි. ඔහු පෙන්ව⁣ා...

බේස්ලයින් මාර්ගයේ තෙවන අදියර සංවර්ධනය ආරම්භ කෙරේ

රුපියල් බිලියන 2.8 ක දේශීය අරමුදල් යොදාගනිමින් බේස්ලයින් මාර්ගයේ තෙවන අදියර සංවර්ධනය ආරම්භ කෙරේ.....! කොළඹ දිස්ත්‍රික්කයේ බේස්ලයින් මාර්ග දිගුව ව්‍යාපෘතියේ තුන්වන අදියර ක්‍රියාත්මක කරමින් කිරුලපන...

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එනවා – විපක්ෂ නායක සජිත්

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට...

ජාත්‍යන්තර ජයග්‍රහණ අරමුණු කරගත් ක්‍රීඩකයින් බිහිකිරීමට සැලසුම් සකස් කරන ලෙසට ජනපතිගෙන් උපදෙස්

ජාත්‍යන්තර ජයග්‍රහණ අරමුණු කරගත් ක්‍රීඩකයන් බිහිකිරීම මෙන්ම නිරෝගී ජනතාවක් වෙනුවෙන් ක්‍රීඩාව ප්‍රවර්ධනයට සැලසුම් සකස් කරන්නැයි ජනපතිගෙන් උපදෙස් ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ අත්කර ගත හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img