Tuesday, November 10, 2026
HomeNEWSවෙළෙඳපොළේ දියර කිරිත් හිඟවීමේ අවදානමක්

වෙළෙඳපොළේ දියර කිරිත් හිඟවීමේ අවදානමක්

දියර කිරි ඇසුරුම් කිරීම සඳහා ආනයනය කරනු ලබන ඇසුරුම් සඳහා රජය විසින් 5%ක බද්දක් අය කිරීම මඟින් දේශීය දියර කිරි නිෂ්පාදන කර්මාන්තය ගැටලු රැසකට මුහුණ දී ඇති බව ජාතික පශු සම්පත් මණ්ඩලය පවසයි.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ,එම බද්ද දියර කිරි සඳහා ඉවත් කරගැනීමට රජය වෙත ඉල්ලීම් කිහිපයක් සිදුකර ඇති බවය.

කිරි පිටි ආනයනය නොකරන පසුබිමක දේශීය දියර කිරි සඳහා බදු පැනවීම මඟින් කර්මාන්තකරුවන්ට සහ එහි යාන්ත්‍රණයට බලපෑම් එල්ල වී ඇති බව එම මණ්ඩලය සඳහන් කළේය.

ඇසුරුම් සඳහා අය කරනු ලබන සියයට 5%ක බද්ද හේතුවෙන් දියර කිරි මිල ඉහළ නංවන ලෙස යෝජනා ඉදිරිපත්ව ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් දියර කිරි මිල ගණන් ඉහළ දැමීම සඳහා මෙතෙක් තීරණය කර නොමැති බව ජාතික පශු සම්පත් මණ්ඩලය සඳහන් කළේය.

ඩොලර් අර්බුදය හේතුවෙන් දේශිය කිරි නිෂ්පාදනය කරන රජයේ සමාගම් භාවිත කරන ඇසුරුම් ද කොළඹ වරායේ සිරවී තිබි ඇති අතර ඉන් කොටසක් පසුගිය දා නිදහස් කරගෙන තිබෙනවා.

ඩොලර් 30,000ක් පමණ වටිනාකමින් යුතු අදාළ ඇසුරුම් ජාතික පශු සම්පත් මණ්ඩලයේ මැදිහත් වීම මත නිදහස් කරගත් බව එහි ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...

ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ

ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ. නොවැම්බර් 09 සිට 14 දක්වා විශේෂ ඩෙංගු මර්දන සතියක්. ඩෙංගු මර්දන මෙහෙයුම් සහ සම්බන්ධීකරණ කටයුතු විධිමත්ව...

වීරත්වය යනු රට වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටු කිරීමක්- මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ

වීරත්වය යනු පුරවැසියෙකු රට දැය සමය වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටුකිරීම බවත් එය ඉතිහාසය තුළ සදාකාලික මතකයක් වනු ඇති බවත් පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ...

2026 බුකර් ත්‍යාගය එම්. ජෝන් හැරිසන්ගේ “The End of Everything” කෘතියට

2026 බුකර් ත්‍යාගය සඳහා බ්‍රිතාන්‍ය ජාතික ලේඛක එම්. ජෝන් හැරිසන්ගේ (81) "The End of Everything" කෘතිය නම් කරයි.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img