Saturday, July 18, 2026
HomeNEWSශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා ඇමෙරිකාවෙන් 44%ක තීරු බද්දක්... පස්වෙනිදා සිට...

ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා ඇමෙරිකාවෙන් 44%ක තීරු බද්දක්… පස්වෙනිදා සිට ක්‍රියාත්මකයි.

ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 44%ක තීරු බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.අපේ‍්‍රල් 02 වැනිදා ප්‍රකාශයට පත්කර ඇති එම බදු අනුපාත 05 වැනිදා දිනයේ සිට ක්‍රියාත්මකයි.ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් 60කට වැඩි ප්‍රමාණයක් සඳහා නව තීරු බදු පනවා ඇති අතර එහි වැඩිම බදු පැනවූ රටවල් පහ අතර ශ‍්‍රී ලංකාව සිටී.ට‍්‍රහම්ප් පවසන්නේ අමෙරිකාවේ වෙළෙඳ අසමතුලිතතාවය පාලනය කිරීම සහ අමෙරිකානු කර්මාන්ත ධෛර්යමත් කිරීමේ අරමුණින් මෙම නව බදු පැනවීමේ අරමුණ බවයි.කාම්බෝජනයට 49%ක්, වියට්නාමයට 46%ක්, බංග්ලාදේශයට 37%ක්, තායිලන්තයට 36%ක්, චීනයට 34ක්, ඉන්දියාවට සියයට 26ක් මෙසේ නව තීරු බද්ද පනවා ඇත.මෙතෙක් අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා පැවතියේ 12.2%ක තීරුබදු පැනවීමකි.2024 වර්ෂයේ අමෙරිකාව විසින් මෙරටින් අමෙරිකානු ඩොලර් බිලියන 3කට වැඩි භාණ්ඩ ප්‍රමාණයක් ආනයනය කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදේශ ඇමති විජිත සහ එජාප සභාපති වජිර අතර හමුවක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, විදේශ අමාත්‍ය විජිත හේරත් සහ එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන යන මහත්වරුන්ගේ අහඹු හමුවීමක් පසුගිය සෙනසුරාදා සවස ගාල්ල උඩුගම...

දත්ත සොරකම් කළ බවට ට්‍රම්ප්ගෙන් චීනයට චෝදනා

තමා පරාජයට පත් වූ 2020 ඇමරිකානු ජනාධිපතිවරණයේදී , චීනය ඉතිහාසයේ විශාලම මැතිවරණ දත්ත සොරකම සිදු කළ බවත්, එහිදී ඡන්දදායකයින් මිලියන 220 කගේ දත්ත සොරකම්...

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සියදිවි නසා ගනී

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ගිනි අවියකින් වෙඩි තබාගෙන සියදිවි නසා ගනී - පොලිසිය.

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ඇමති විජිතගේ ශෝකය

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ශෝක ප්‍රකාශන පොතේ අත්සන් තබයි. ​කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයකු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img