Saturday, July 18, 2026
HomeNEWSසතුටින් පිරි කොළඹ පුරවරයකට සජිත් සහ වෛද්‍ය රුවෙයිස් හනීෆාගෙන් ආරාධනා.

සතුටින් පිරි කොළඹ පුරවරයකට සජිත් සහ වෛද්‍ය රුවෙයිස් හනීෆාගෙන් ආරාධනා.

*වරදාන වරප්‍රසාදවලින් තොරව ජනතාවට වගකියන වගවෙන රාජ්‍ය පාලනයක් වෙනුවෙන් පෙළ ගැසෙමු – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා*YThttps://youtu.be/qdKnkmjJJcA?si=eMXyGMbotrd8uNKAWetransferhttps://we.tl/t-4tXiGcPp79ජනතාව රාජ්‍ය පාලනය තුළ දී වගකීම, වගවීම, දූෂණයෙන් තොර විම, අවංක වීම, සැවොම ඇතුළත් කරගැනීම, සාධාරණය ආදිය අපේක්ෂා කරන බවත් නව දෙයක් කරන රටේ තරුණයන් අවංකභාවය සවන්දීම මානුෂිකත්වය අපේක්ෂා කරණ බවත් ඒ ජනතා අපේක්ෂා ඉටු කරන්නත් වරප්‍රසාද ප්‍රතිලාභ ප්‍රතික්ෂේප කර ප්‍රශස්ත ප්‍රබුද්ධ කාර්යශීලී කාර්යක්ෂම සේවාවක් ඉටු කරණ බවත් ඒ සදහා සුදුසුම කෙනා සමගි ජන බලවේගය ඉදිරිපත් කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.*විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද මාළිගාවත්තේ Grand Zenith හෝටලයේ පැවැති ‘සතුටින් පිරි කොළඹ පුරවරයකට’ මග සලසන සමගි ජන බලවේගයේ කොළඹ නගර සභ අපේක්ෂක වෛද්‍ය රුවෙයිස් හනීෆා මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්වීමේ අවස්ථාවට එක්වෙමිනි.*සමගි ජන බලවේගයේ සිටින්නේ එක්තරා වෙළෙඳ කණ්ඩායමක ආකෘතියකට හැසිරෙන රූකඩ දේශපාලනඥයන් නොවන නිසා දුර්වලකම් නිවැරදි කර ශක්තීන් වර්ධනය කර ඉදිරියට යන බවත් රට විශ්වාස කරන ප්‍රතිපත්ති මාලාව ඉදිරියට ගෙන⁣ ගොස් කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.*අගයක් එකතු වෙන සේවාවක් ඉටු කරමු*සම්ප්‍රදායික නගරසභා සේවාවෙන් ඔබ්බට ගොස් මුළු ජනජිවිතයට ම වටිනාකමක් අගයක් එකතු කරන සේවාවක් ක්‍රියාත්මක කරන බවත් සෞඛ්‍ය අධ්‍යාපන නිවාස යටිතල පහසුකම් පොදු පහසුකම් මෙන්ම නව තාක්ෂණයෙන් සවිබල ගන්වමින් කාර්යක්ෂම වේගවත් සේවාවක් ලබාදෙන බවත් ජනතාවගේ ගැටලු ප්‍රශ්නවලට උත්තර සපයන විසදුම් සපයන පාලනයක් ගෙන යා යුතු බවත් ව්‍යවසායකත්වයෙන් පරිපූර්ණ නගරයක් බිහි කළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.*විනිවිදභාවයෙන් යුක්ත පාලනයක් වෙනුවෙන් පෙළ ගැසෙමු*දූෂණයෙන් වංචාවෙන් හොරකමින් තොරව ඕනැම පුරවැසියකුට ප්‍රශ්න කළ හැකි ඕනැම පුද්ගලයකුට තොරතුරු අයිතිය මෙන්ම පුරවැසි සහබාගීත්වය වර්ධනය කරන නව ගුණාංග එකට එකතු කර පිරිසුදු පාලනයකින් යුක්ත ක්‍රියාත්මක කරන බවත් සතුටින් පිරි නගරයක් වෙනුවෙන් සැවොම එකතු වන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.නිදහසින් පසු කොළඹට ජනතා අපේක්ෂා බලාපොරොත්තු නිර්මාණය වන ඒවා යථාර්ථයක් බවට පත් කරවන පොදුජන සමාජ ගිවිසුම වෛද්‍ය රුවෙයිස් හනීෆා මහතාගේ මුලිකත්වයෙන් ඉදිරිපත් වන බවත් ජනතා බලාපොරොත්තු ඉටු වන සැබැ වෙනසක් සිදුවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදේශ ඇමති විජිත සහ එජාප සභාපති වජිර අතර හමුවක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, විදේශ අමාත්‍ය විජිත හේරත් සහ එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන යන මහත්වරුන්ගේ අහඹු හමුවීමක් පසුගිය සෙනසුරාදා සවස ගාල්ල උඩුගම...

දත්ත සොරකම් කළ බවට ට්‍රම්ප්ගෙන් චීනයට චෝදනා

තමා පරාජයට පත් වූ 2020 ඇමරිකානු ජනාධිපතිවරණයේදී , චීනය ඉතිහාසයේ විශාලම මැතිවරණ දත්ත සොරකම සිදු කළ බවත්, එහිදී ඡන්දදායකයින් මිලියන 220 කගේ දත්ත සොරකම්...

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සියදිවි නසා ගනී

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ගිනි අවියකින් වෙඩි තබාගෙන සියදිවි නසා ගනී - පොලිසිය.

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ඇමති විජිතගේ ශෝකය

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ශෝක ප්‍රකාශන පොතේ අත්සන් තබයි. ​කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයකු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img