Friday, November 6, 2026
HomeNEWSශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් උළෙල කුවේට් දේශයේදී අභිමානවත් ලෙස සැමරේ

ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් උළෙල කුවේට් දේශයේදී අභිමානවත් ලෙස සැමරේ

ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් දිනය කුවේට් දේශයේදී පසුගිය 04 වැනිදා පෙරවරුවේ මහත් අභිමානවත් ආකාරයෙන් සැමරීමට කුවේට්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කටයුතු කර තිබුණි.

සර්ව ආගමික ආශිර්වාද මධ්‍යයේ නිදහස් දින සැමරුම ආරම්භ කෙරිණ.

කුවේට් හි ශ්‍රී ලංකා තානාපති ඛාන් දීපන් බාලසුබමනියම් මහතාගේ ප්‍රධානත්වයෙන් “සියවසට පියවරක්” යන තේමාව යටතේ මෙම නිදහස් දින සැමරුම් උත්සවය පැවැත්වුණේ කුවේට්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදීය.

ජාතික ධජය ඔසවා ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අගමැති දිනේෂ් ගුණවර්ධන, විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්‍රි යන මහත්වරුන්ගේ නිදහස් දින පණිවිඩද උත්සව සභාවේදී කියවීමට කටයුතු කර තිබුණි.

කුවේට්හි වෙසෙන ශ්‍රී ලාංකිකයින් රැසක්ද වෙළඳ ව්‍යාපාරික ප්‍රජාව ඇතුළු ආරාධිත අමුත්තෝ රැසක් ද මෙම නිදහස් දින සැමරුම් උත්සවයට සහභාගී වුහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රටට වැඩක් කරන්න පුළුවන් එකම එක මුස්ලිම් නායකයෙක්වත් මාලිමා ආණ්ඩුවට නැහැ- ෂිරාස් යුනුස්

ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් බවත් එම සිංහල බෞද්ධකම මගින් අනෙකුත් ජාතීන්ට සහ ආගම්වලට රැකවරණය හිමිවන බවත් නව ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ෂිරාස් යුනුස්...

නුවරඑළිය තැපැල් කාර්යාලය සංරක්ෂණය කිරීම ජාතික වැදගත්කමකින් යුත් කාර්යභාරයක් – අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

නුවරඑළිය ඓතිහාසික තැපැල් කාර්යාලය සංරක්ෂණය කිරීම හුදෙක් පැරණි ගොඩනැගිල්ලක් ප්‍රතිසංස්කරණය කිරීමක් නොව, ජාතික වැදගත්කමකින් යුත් කාර්යභාරයක් – අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස රුපියල් මිලියන 78.34ක වියදමින්...

රජයට ජනවරම දුන්නේ සංවර්ධනය කරන්න මිස මර්දනය කරන්න නොවේ – විපක්ෂ නායක සජිත්

රජයට ජනවරම දුන්නේ සංවර්ධනය කරන්න මිස මර්දනය කරන්න නොවේ - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජය ජනතාව එක්ක ඇති කර ගත් සමාජ ගිවිසුම ගැන කතා...

විෂ මත්ද්‍රව්‍ය උවදුරින් ජාතිය මුදා ගැනීමේ ජාතික වැඩපිළිවෙළෙහි සක්‍රීය කොටස්කරුවන් වන්න-ජනපති ආගමික නායකයින්ගෙන් ඉල්ලයි

විෂ මත්ද්‍රව්‍ය උවදුරින් ජාතිය මුදා ගැනීමේ ජාතික වැඩපිළිවෙළෙහිසක්‍රීය කොටස්කරුවන් වන්නජනපති ආගමික නායකයින්ගෙන් ඉල්ලයි අද රට හමුවේ පැහැදිලිව කණ්ඩායම් දෙකක් සිටිනවා. ඒ මත්ද්‍රව්‍ය හා සන්නද්ධ අපරාධ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img