Friday, August 21, 2026
HomeNEWSශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ භූතාන නීති කවුන්සිලය අතර ද්විපාර්ශ්වික හමුවක්

ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ භූතාන නීති කවුන්සිලය අතර ද්විපාර්ශ්වික හමුවක්

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) සභාපති රජීව් අමරසූරිය මහතා ප්‍රමුඛ නියෝජිත පිරිසක් භූතාන රාජ්‍යයේ නිල සංචාරයක නිරත වී තිබේ.

භූතාන අධිකරණ ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිත පිරිසක් එරට මහාධිකරණය හමුවේ විශේෂ දේශනයක් පැවැත්වීම මෙහි විශේෂත්වයකි.

භූතාන මහාධිකරණයේ ප්‍රධාන විනිසුරු ඩුබා ඩෘප්කා (Duba Drukpa) මහතා ඇතුළු විනිසුරුවරුන් 8 දෙනෙකුගෙන් යුත් විනිසුරු මණ්ඩලයක් විසින් ශ්‍රී ලංකා නියෝජිත පිරිස ඉතා උණුසුම් අයුරින් පිළිගෙන තිබුණි.

භූතාන මහාධිකරණය හමුවේ අදහස් දැක්වූ රජීව් අමරසූරිය මහතා, ශ්‍රී ලංකාව සහ භූතානය අතර පවතින ගැඹුරු ආගමික, සංස්කෘතික සහ දකුණු ආසියාතික සබඳතා මෙන්ම බුදු දහමින් පෝෂණය වූ උරුමය සිහිපත් කර තිබේ.

විනිසුරුවරුන් සහ නීතිඥවරුන් යනු යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේ දෙපැත්තක් බවත්, අධිකරණයේ ස්වාධීනත්වය සහ නීතිඥ වෘත්තියේ ස්වාධීනත්වය යනු වරප්‍රසාදයක් නොව අවසානයේදී ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පවතින අයිතියක් බවත් ඔහු එහිදී අවධාරණය කර ඇත.

මෙම සංචාරයට අමතරව ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ භූතාන නීති කවුන්සිලය අතර පළමු ඓතිහාසික ද්විපාර්ශ්වික හමුව පවත්වා ඇති අතර, එහිදී නීති අධ්‍යාපනය, වෘත්තීය සංවර්ධනය සහ ආයතනික හුවමාරු කරගැනීම් සම්බන්ධයෙන් ඒකාබද්ධ ප්‍රකාශයකට එළඹ ඇත.

මෙම සංචාරය අතරතුර ශ්‍රී ලංකා නියෝජිත පිරිස, භූතාන අගවිනිසුරු ලියොන්පෝ නොර්බු ෂෙරිං (Lyonpo Norbu Tshering) සහ නීතිපති සොනම් ටෂි (Sonam Tashi) යන මහත්වරුන් ද හමුවී සාකච්ඡා පවත්වා තිබේ.

මෙම සංචාරය දෙරටේ නීති වෘත්තිකයන් අතර වෘතීමට සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට මහත් පිටුවහලක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

උතුරු සහ නැගෙනහිර ඉඩම් කඩිනමින් ජනතාවට නිදහස් කිරීම පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්

උතුරු සහ නැගෙනහිර ඉඩම් කඩිනමින් ජනතාවට නිදහස් කිරීම පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන් පසුගිය යුද සමයේ ආරක්ෂක අංශ වෙත පවරාගත් මේ වන විට නිදහස් කළ හැකි...

පූර්ණ විනිශ්චය මණ්ඩලයක් ඒකාබද්ධ විපක්ෂය ඉල්ලයි

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පැය කිහිපයක් ඇතුළත අපි අධිකරණයට ගියා. පළවෙනි පැය 24 තුළ පෙත්සම් 38 ක් ශ්‍රේෂ්ඨාධිකරණයට...

ප්‍රවීන ගායන ශිල්පිනී ආචාර්ය නන්දා මාලනී මහත්මිය අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීන ගායන ශිල්පිනී ආචාර්ය නන්දා මාලනී (82) නාවල පිහිටි නිවසේදී අභාවප්‍රාප්ත වෙයි

ඇමරිකාව ඉරානයට ආර්ථික යුද්ධයක් ප්‍රකාශ කිරීමත් සමගම බොරතෙල් මිල ඉහළට

අමෙරිකානු ජනපති ට්‍රම්ප් ඉරානයට ආර්ථික යුද්ධයක් ප්‍රකාශ කිරීමෙන් පසු, බ්‍රෙන්ට් බොරතෙල් මිල ඇ:ඩො:94.18 දක්වා ඉහළට. WTI තෙල් මිල ඇ:ඩො:87.07 ක් ලෙස සටහන් වෙයි: විදෙස්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img