Wednesday, November 11, 2026
HomeNEWSශ්‍රීලනිප ය තනිවම ඡන්ද සටනට.... අනුරාධපුර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයින්...

ශ්‍රීලනිප ය තනිවම ඡන්ද සටනට…. අනුරාධපුර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයින් යෝජනා.

මීළඟට පැවැත්වෙන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස තනිව තරඟ කිරීම සඳහා අනුරාධපුර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයින් යෝජනා සම්මත කරගනු ලැබීය.

ඒ පක්ෂ ජාතික සංවිධායක රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (14) පැවති අනුරාධපුර දිස්ත්‍රික් බල මණ්ඩල රැස්වීමේදීය.

එහිදී ඉදිරි මැතිවරණවලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව තරඟ කළ යුතු බවට වන යෝජනාවක් එම පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරයා විසින් ඉදිරිපත් කරනු ලැබීය.

මෙහිදී අදහස් දැක්වු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ, ලේකම්, සමන් කුමාර මහතා,

“අද අපි කවුරුත් සියඹලා ගෙනැල්ලා නැති විදිහටයි ගම තුළත් ප්‍රාදේශීය සභාව තුළත් වැඩකරන ආයතනය තුළත් මේ සමාජය තුළත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හම්බෙලා තියෙන තැන. ඒ හින්දා මම ගෞරවයෙන් යුතුව යෝජනා කරනවා එන මැතිවරණයේ දී  ජය පැරදුම කොතැන තිබුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් විදිහට තනිව තරඟ කරමු කියන යෝජනාව මම මේ අවස්ථාවේදී ඉදිරිපත් කරනවා.”

“සභාවේ සියලුදෙනාගේම කැමැත්ත ඒ සඳහා. ඒකමතිකවයි ගරු අමාත්‍යතුමනි… සියලුදෙනාම ඒකමතිකව අනුමත කරනවා ඒක.”
 
එම අවස්ථාවේ දී වැඩිදුරටත් අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා,

“හැමෝගෙම ආර්ථිකය ශක්තිමත් වෙන යුගයක් උදාවෙයි කියන බලාපොරොත්තුව ඇතුව තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට උදව් කරේ. අද අපිට ගොවියෝ විදියට, දේශපාලඥයෝ විදියට නෙමෙයි අපේ තියෙන කුඹුරත් කොහොම ද කරගන්නේ කියන එක හිතන්න වෙලා තියෙනවා. මේ ගත්ත තීරණය එක්ක අපේ ගොවි ජනතාව කිසිම කෙනෙක් සතුටට පත්වෙලා නෑ. අපිට ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි සමහර වෙලාවට මේ තීන්දු ගත්ත අයට, තීන්දු කරපු අයට ඒ ගැන හැඟීමක් නැතුව ඇති. සමහර වෙලාවට අපිට නිහඬව ඉන්න වෙයි. සමහර වෙලාවට අපිට අඩියක් ආපස්සට ගන්න වෙයි. හැබැයි නිසි වෙලාව ආපුවහම අපිට වේගයෙන් දුවගෙන ගිහින් ඒ ජය කණුව කරා යන්න පුළුවන්කම තියෙනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img