Saturday, September 19, 2026
HomeNEWSසංචාරකයින් ට කොවිඩ් සීමා බලපාන ආකාරය ගැන තීරණයක්

සංචාරකයින් ට කොවිඩ් සීමා බලපාන ආකාරය ගැන තීරණයක්

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් සඳහා මේ මොහොතේ නව කොවිඩ් නීති පැනවීමේ අවශ්‍යාතාවක් නොමැති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

එහි සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ පසුගියදා පැවති සාකච්ඡාවකදී ඒ සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණ ඇති බවය.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, සෞඛ්‍ය බලධාරීන් සහ සංචාරක ක්ෂේත්‍රයේ ආයතන සමග පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹ ඇති බව සඳහන් වේ.

මෙරටට පැමිණෙන සංචාරකයින් සඳහා නව කොවිඩ් පාලන ක්‍රමවේද හඳුන්වාදීමට සංචාරක සංවර්ධන අධිකාරිය පසුගිය 17 වැනිදා කටයුතු කළ අතර එය පසුව, 20 වනදා දක්වා කල් දැමීමට පියවර ගනු ලැබීය.

කෙසේවෙතත් වර්තමානයේ පවතින තත්ත්වයන් සැලකිල්ලට ගැනීමේදී නව නීති මාලාවක් පැනවීමේ අවශ්‍යතාවක් නොමැති බවට හඳුනාගෙන ඇති බව සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

යම් හෙයකින් එවැනි නීති මාලාවක් හඳුන්වා දෙන්නේනම් සෞඛ්‍ය අමාත්‍යංශය හරහා පමණක් එය ක්‍රියාත්මක කිරීමට ද පසුගියදා පැවති සාකච්ඡාවේ දී එකඟතාව පළව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රුසියාවෙන් බලශක්ති මිලදී ගන්නා රටවලට ඇමෙරිකාවෙන් 100%ක බද්දක්

රුසියාවට දැඩි සම්බාධක පැනවීමට ඉඩ සලසන පනත් කෙටුම්පතකට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබයි. මෙමගින් චීනය ඇතුළු රුසියාවෙන් බලශක්ති මිලදී ගන්නා රටවල් සඳහා 100%...

22ක තුළින් රටේම ජනතාව සිරකරුවන් බවට පත්වෙනවා-විපක්ෂ නායක සජිත්

22 වැනි සංශෝධනය තුළින් රටේම ජනතාව පැලවත්තේ සිරකරුවන් බවට පත් කරන්න රජය උත්සාහ කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අප රටේ ඇති ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය...

සෞදියේදී ශ්‍රීලාංකිකයෙකුට මරණ දඬුවම නියම වීමේ ක්‍රියාවලිය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව විදේශ කටයුතු කටයුතු අමාත්‍යංශය පවසයි

ආගමික නායකයෙකුට අපහාස කළ බව කියන සිද්ධියක් මත සෞදි අරාබියේ සේවය කරන ශ්‍රී ලාංකික තරුණයෙකුට මරණ දඬුවම නියම කර ඇති බව වාර්තා වේ. සෞදි අරාබියේ...

විදේශ රටවල තානාපති ප්‍රධානීන් නැගෙනහිර පළාතේ සංචාරයක

කොළඹ සිටින විදේශීය තානාපති කාර්යාල ප්‍රධානීන් උදෙසා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය මගින් සංවිධානය කරනු ලැබූ විශේෂ සංචාරක සංවර්ධන අධ්‍යයන සංචාරය අද...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img