Saturday, November 14, 2026
HomeNEWSLatest Newsසජිත්ගේ ජනහමුවට ගල් ගැසූ දෙදෙනෙක් අත්අඩංගුවට

සජිත්ගේ ජනහමුවට ගල් ගැසූ දෙදෙනෙක් අත්අඩංගුවට

සජිත්ගේ ජනහමුවට ගල් ගැසූ දෙදෙනෙක් අත්අඩංගුවට

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වූ රත්මලානේ පැවති ජනහමුවකට ගල් මුල් ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (29) විපක්ෂනායකවරයා ජනහමුව අමතමින් සිටින අවස්ථාවේදී වේදිකාව දෙසට එලෙස ප්‍රහාරය එල්ල වී තිබුණි.

පොලීසිය පැවසුවේ එම පුද්ගලයින් දෙදෙනා බීමත්ව සිට ඇති බවය.

ඊයේ (29) රාත්‍රී 9.45ට පමණ ගල්කිස්ස බංගලාව පාරේ නිවාස සංකීර්ණයක එම ජනහමුව පවත්වා තිබේ.

එහිදී කිසියම් පිරිසක් හෝ කිහිප දෙනෙක් විසින් එම ස්ථානයට ගල් ප්‍රහාර කිහිපයක් එල්ල කර තිබුණි.

එම ගල් ප්‍රහාරවලින් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලීසිය විමර්ශන ඇරඹීය.

ඒ අනුව ගල් ප්‍රහාරය එල්ල කළ බවට සැක කෙරෙන පුද්ගලයෙක් අද (30) අලුයම අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්කිස්ස රෂ්ටම්වත්ත ප්‍රදේශයේ දීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙක් අද උදෑසන ගල්කිස්ස පොලීසියට භාර වීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත.

අත්ඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 21ක් 40ක් වු එම ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

සැකකරුවන් අද දින ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඇමති විජිතගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්!

අමාත්‍ය විජිත හේරත් මහතාගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්! 2026 මැයි මාසයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය...

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව

මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ඇසිදිසි ශිෂ්‍යත්ව ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය අද (14) පැවැත්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන...

ලොකු ගාණකින් ගෑස් මිල වැඩිකිරීම ගැන පාර්ලිමේන්තුවේ කතා කිරීම තහනම් ද? විපක්ෂ නායක සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

ලොකු ගාණකින් ලාෆ් ගෑස් මිල වැඩි කරපු එක ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්න විපක්ෂ නායකට තහනම් ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ප්‍රශ්න කරයි ජනාධිපතිවරයා...

රාජ්‍ය සේවය අනවශ්‍ය ලෙස පුළුල් කරමින් ආර්ථිකයට බරක් පැටවීමට රජය සූදානම් නැහැ– අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවා කාණ්ඩ 04ක් යටතේ 223 දෙනෙකුට නව පත්වීම්. “රාජ්‍ය සේවය අනවශ්‍ය ලෙස පුළුල් කරමින් රටේ ආර්ථිකයට බරක් පැටවීමට රජය සූදානම් නැහැ” – සෞඛ්‍ය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img