Wednesday, September 2, 2026
HomeNEWSLatest Newsසහරාන් හෂීම්ගේ බිරිඳගෙන් සාක්ෂි ලබා ගන්නේද නැද්ද ? - තීරණය හෙට

සහරාන් හෂීම්ගේ බිරිඳගෙන් සාක්ෂි ලබා ගන්නේද නැද්ද ? – තීරණය හෙට

සහරාන් හෂීම්ගේ බිරිඳගෙන් සාක්ෂි ලබා ගන්නේද නැද්ද ? – තීරණය හෙට

පාස්කු ඉරුදින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව මෙහෙය වූ සහරාන් හෂීම්ගේ බිරිඳ වන අබ්දුල් කාදර් පාතිමා හාදියා අද (22) ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටියාය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවේ පසුවන ඇය සාක්ෂි ලබාදීම සඳහා කොමිසම හමුවට පැමිණියේ පළමුවරටය.

2019 අප්‍රේල් 26 වැනිදා සිදුවූ සයින්දමරුදු පිපිරීමෙන් දිවිගලවා ගත් ඇය ත්‍රස්‌තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔවුන් භාරයේ මේ වන විට රඳවා සිටී.

නමුත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වනවිටත් අධිකරණයේ නීතීමය කටයුතු සිදුවන බැවින් මෙම කොමිසම හමුවේ ඇයගෙන් සාක්ෂි විමසිය හැකි ද යන්න පිළිබඳ ව රජයේ ජේෂ්ඨ අතිරේක සොලිස්ටර් ජනරාල් සරත් ජයමාන්න මහතා දීර්ඝ කරුණු පැහැදිලි කිරීමක් සිදුකළේය.

එම කරුණු පැහැදිලි කිරිම මාධ්‍යට විවෘත නොවූ අතර පසුව සහරාන් හෂීම්ගේ බිරිඳගෙන් සාක්ෂි ලබා ගන්නේද, නැද්ද යන්න පිළිබඳ ව තීන්දුව හෙට පෙරවරු 10.00ට ප්‍රකාශ කරන බව ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා දැනුම් දුන්නේය.

මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 05 දිනටත් අද ජනාධිපති කොමිසම හමුවට පැමිණියේය.

අද පස්වරු 04.00ට පමණ කොමිසම වෙත පැමිණි හිටපු ජනාධිපතිවරයා පැයකට පමණ පසු එම ස්ථානයෙන් පිටව ගියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ මළ සිරුර හමුවේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ (57) මළ සිරුර තිඹිරිගස්යායේ පිහිටි ඔහුගේ නිවසේදී සොයාගැනේ; සිය දිවි හානි කර ගත්තේදැයි සැක: පොලිසිය.

ඇමෙරිකාවේ ප්‍රහාර වලට ඉරානයෙන් ප්‍රතිප්‍රහාර

පුද්ගලයින් සිව් දෙනෙකුට මරු කැඳවමින් 50 කට වැඩි පිරිසකට තුවාල සිදු කරමින් දකුණු ඉරානයේ සිරික් හි විවාහ මංගල උත්සවයකට ඇමරිකාව එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිචාර...

ප්‍රවීණ ගායන හා රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන හා රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා මහතා (64) කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වෙයි.

ඉරානයට පහර දෙන බවට ඇමෙරිකාවෙන් ප්‍රකාශයක්

නෞකාවලට ප්‍රහාර එල්ල කිරීම නිසා, ඉරාන ඉලක්ක වෙත පහර දෙන බව අමෙරිකානු හමුදාව පවසයි. බන්ඩර් - අබ්බාස් හි නැගෙනහිරින් පිපිරීම් සිදු වූ බව ඉරාන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img