Sunday, November 15, 2026
HomeNEWSLatest News“සිංහල, දමිළ, මුස්ලිම්, බර්ග සියළු ශිල්පීන් ආරක්ෂා කිරීමට මා බැඳී...

“සිංහල, දමිළ, මුස්ලිම්, බර්ග සියළු ශිල්පීන් ආරක්ෂා කිරීමට මා බැඳී සිටිනවා” – අමාත්‍ය ප‍්‍රසන්න රණවීර

“සිංහල, දමිළ, මුස්ලිම්, බර්ග  සියළු ශිල්පීන් ආරක්ෂා කිරීමට  මා බැඳී සිටිනවා” – අමාත්‍ය ප‍්‍රසන්න රණවීර

ශ‍්‍රී ලාංකිකයන් යන හැඟීමෙන් සිංහල, දමිළ, මුස්ලිම්, බර්ගර් යන

සියලූ දෙනාම නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩවලට වටිනාකමක් දී ඔවුන්ගේ කර්මාන්ත වල සුරක්ෂිත

භාවය ඇති කිරීම අප කාගේත් යුතුකමක් සහ වගකීමක් බව රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර

ප්‍රකාශ කරයි.

වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග‍්‍රාමීය කර්මාන්ත ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය

ප‍්‍රසන්න රණවීර මැතිතුමා මෙසේ ප‍්‍රකාශ කරන ලද්දේ පසුගිය (19) දින ත්‍රිකුණාමලයේ  පතිනිපුරම්හි 

තල් කොළ ආශ‍්‍රයෙන් නිර්මාණ කරනු ලබන ශිල්පීන් අමතාය.

පතිනිපුරම් යනු ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයේ තඹලගමුව ප‍්‍රාදේශීය

ලේකම් කොට්ඨාශයට අයත් ගම්මානයකි. මෙය දිස්ත්‍රික්කයේ අඩු ආදායම් ලබන ගම්මාන අතරින්

එකක් වන අතර ඔවුන්ගේ ප‍්‍රධාන ජීවන වෘත්තිය වන්නේ වී ගොවිතැනයි. ගමේ කාන්තාවන්

ස්වයං රැකියාවක් ලෙස තල් කොළ භාවිතා කරමින් මනරම් නිර්මාණයන් කරනු ලබන්නේ දහසකුත්

අඩු පාඩුකම් මැද්දේය. ගමේ ප‍්‍රජාශාලාවට එකතුවන මේ අය තම තමන්ගේ දෑතින් සකස් කරගත්

උපකරණවලින් නිර්මාණ කළත් ඒවා විකුණා ගැනීමට ස්ථානයක් ද නොමැත.

අමාත්‍ය ප‍්‍රසන්න රණවීර අමාත්‍යතුමාගේ මැදිහත්වීම මත

මෙම ගැටලූ වලට විසදුමක් වශයෙන් කොළඹ, ත්‍රිකුණාමල පාරේ තල් කොළ ආශ‍්‍රිත නිර්මාණ වෙළඳ සැලක්

විවෘත කිරීමට කටයුතු කළ අතර එම ශිල්පීන් හට රුපියල් මිලියන දෙකකට ( 2 250 275.00) වැඩි

වටිනාකමින් යුත් නිෂ්පාදන උපකරණ කට්ටල ද බෙදා දීමට කටයුතු කරන ලදී.

මෙම අවස්ථාවට සහභාගී වූ අමාත්‍යවරයා උත්සව සභාව අමතමින්

වැඩි දුරටත් මෙසේ ප‍්‍රකාශකර සිටියේය.

“සෑම ක්ෂේත‍්‍රයකම

පවතින ගැටළු නියම ආකාරයෙන් අවබෝධ කරගෙන දේශීය නිෂ්පාදනයන් දියුණු කිරීම සදහා අවශ්‍ය

පහසුකම් සපයන්න, වෙන් වෙන්

වශයෙන් අමාත්‍යවරු පත්කකිරීම සම්බන්ධයෙන් ඔබ සියළු දෙනාම අතිගරු ජනාධිපති ගෝඨාභය

රාජපක්ෂ මැතිතුමාට බෙහෙවින්ම ස්තූතිවන්ත විය යුතුයි.

ග‍්‍රාමීය කර්මාන්ත ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස

මා පත්කිරීම පිළිබදව නිහතමානීව  ආඩම්බර වන

අතරම ඒ හා සම්බන්ධ අභියෝගයන්, මොනවාද යන්න මේ වන විටත් මා ඉතා හොදින් හදුනාගෙන

තිබෙනවා. සාම්ප‍්‍රදායික කර්මාන්ත ආරක්ෂාකර ගනිමින් නව්‍යකරණය තුලින් දේශීය මෙන්ම

ජාත්‍යන්තර වෙළදපල ද අප ජයගත යුතුව තියෙනවා. දේශීය කර්මාන්ත කරුවන් එම

කර්මාන්තයන්වල රැදී සිටීමට අවශ්‍ය දැනුම,වෘත්තීය පුහුණුව, යන්ත්‍රෝපකරණ සහ වෙළදපල සොයාගැනීමේ සහයෝගය අප විසින්

ලබාදිය යුතු වනවා. ඒ වෙනුවෙන් ඔබගේ වෘත්තියේ ගුණාත්මක මට්ටම ඔසවා තැබීමට අවශ්‍ය

සියලූම ක‍්‍රියාමාර්ග මාගේ අමාත්‍යාංශය හරහා ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය සියළු

කටයුතු සිදුකරන බව ප‍්‍රකාශකර සිටිනවා.” යැයි කියා සිටියේය.

මෙම අවස්ථාවට ත්‍රිකුණාමල දිස්ත්‍රික් ලේකම් අසංක

අබේවර්ධන මහතා, අමාත්‍යාංශ

අතිරේක ලේකම් ලක්කදාස් මහතා, තඹලගමුව ප්‍රාදේශීය ලේකම්වරිය වන ජේ. ශ්‍රීපති මහත්මිය, තඹලගමුව ප්‍රාදේශීය

සභාවේ සභාපති ඒ. ජී. චම්පික බණ්ඩාර, ජාතික ශිල්ප සභාවේ නිලධාරී මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක්

ද සහභාගී විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...

ඇමති විජිතගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්!

අමාත්‍ය විජිත හේරත් මහතාගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්! 2026 මැයි මාසයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය...

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව

මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ඇසිදිසි ශිෂ්‍යත්ව ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය අද (14) පැවැත්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන...

ලොකු ගාණකින් ගෑස් මිල වැඩිකිරීම ගැන පාර්ලිමේන්තුවේ කතා කිරීම තහනම් ද? විපක්ෂ නායක සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

ලොකු ගාණකින් ලාෆ් ගෑස් මිල වැඩි කරපු එක ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්න විපක්ෂ නායකට තහනම් ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ප්‍රශ්න කරයි ජනාධිපතිවරයා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img