Monday, November 9, 2026
HomeNEWSසීගිරිය ප්ලාස්ටික් හා පොලිතින් වලින් තොර මෙරට පළමු පරිසර හිතකාමි සංචාරක කළාපය

සීගිරිය ප්ලාස්ටික් හා පොලිතින් වලින් තොර මෙරට පළමු පරිසර හිතකාමි සංචාරක කළාපය

සීගිරිය ප්ලාස්ටික් හා පොලිතින් වලින් තොර මෙරට පළමු පරිසර හිතකාමි සංචාරක කළාපය ලෙස ප්‍රකාශයට පත්කිරීම මේ වසරේ දි…
සීගිරිය ප්ලාස්ටික් හා පොලිතින් වලින් තොර මෙරට පළමු පරිසර හිතකාමි සංචාරක කළාපයක් ලෙස මේ වසරේ දි ප්‍රකාශයට පත්කෙරේ. සංචාරක අමාත්‍යාංශය හා සංචාරක සංවර්ධන අධිකාරිය, මධ්‍යම සංස්කෘතික අරමුදල හා වනජීවි දෙපාර්තුමේන්තුව වැනි ආයතන සමග ඒකාබද්ධව මේ සදහා කටයුතු කරමින් සිටින බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියයි.
සීගිරිය සංචාරක කළාපයේ ඊයේ (16) හදිසි නිරික්ෂණයක යෙදුණු ඇමති ප්‍රසන්න රණතුංග මහතා එහිදි වැඩිදුරටත් කියා සිටියේ සීගිරිය නැරඹීමට එන දෙස් විදෙස් සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් පුළුල් කිරීමට ද රජය කටයුතු කරමින් සිටින බවයි. සීගිරිය පරිසර පද්ධතියට ගැටළුවක් ඇති නොවන ලෙස පානීය ජල පහසුකම් හා වැසිකිළි කැසිකිළි, වාහන නතර කිරීමේ ස්ථාන පහසුකම් පුළුල් කිරිමට සැලසුම් කර තිබේ. ඊට අදාළ ප්‍රතිපාදන සපයා ගැනීම සදහා විවිධ පාර්ශව සමග සාකච්ඡා කරමින් සිටින බව ද ඇමතිවරයා මෙහි දි කීවේය.
දෙස් විදෙස් සංචාරකයන්ගේ පහසුව සදහා සීගිරිය ආශ්‍රිතව අභ්‍යන්තර ගුවන් පහසුකම් ඇති කිරිමට ද රජය සිය අවධානය යොමු කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙමින් පවතින බවත් පැවසු ඇමතිවරයා සීගිරිය සංචාරක කළාපය ආශ්‍රිතව පවතින සංචාරක ක්ෂේත්‍ර යේ නියුතු වූවන් මුහුණ දෙන ගැටළු ද කඩිනමින් විසදීමට දැනටමත් පියවර ගෙන ඇතැයි ද කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොහොට්ටුවේ මහලේකම්ගෙන් විපක්ෂ නායකට හදිසි ලිපියක්

08/11/2026 සජිත් ප්‍රේමදාස මැතිතුමා, විපක්ෂ නායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ. ගරු විපක්ෂ නායකතුමනි, සම්බුද්ධ ශාසනයට හා භික්ෂුන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන්ගේ හදිසි...

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන්

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන් ව්‍යවසායකයාට සහ කර්මාන්තකරුවන්ට නිසි වටිනාකමක් හිමිවන, රාජ්‍ය සේවකයින්ට තෘප්තියෙන් වැඩ කළ හැකි සමාජයක් වත්මන් රජය යටතේ නිර්මාණය...

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ… ජල බැසයාමේ අවහිරතා පවතින ස්ථාන 60ක් හඳුනාගැනේ. ප්‍රමුඛතා පදනමින් අවහිරතා ඉවත්...

මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා – විපක්ෂ නායක සජිත්

මාස හයෙන් කොළඹට පුනරුදය ස්ථාපිත කරන්න ආ මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනවල ලැබුණු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img