Tuesday, September 1, 2026
HomeNEWSසුරක්ෂා සිසු රක්ෂණාවරණය අලුත් වේ

සුරක්ෂා සිසු රක්ෂණාවරණය අලුත් වේ

සුරක්ෂා සිසු රක්ෂණාවරණය අලුත් වේ

පාසල් සිසුන්ගේ සෞඛ්‍යාරක්ෂණය වෙනුවෙන් ක්‍රියාවට නංවා ඇති සුරක්ෂා සිසු රක්ෂණාවරණයෙහි ප්‍රතිලාභ ලබාදීම 2020-12-02 සිට 2021-12-01 තෙක් බලපවත්වන පරිදි තවදුරටත් දීර්ඝ කර තිබේ. 

ඒ අනුව අදාළ ආයතනය සමඟ එකඟතා ගිවිසුම් අත්සන් තැබීම අධ්‍යාපන අමාත්‍ය  මහාචාර්ය  ජී.එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේදී සිදුවිය.

ප්‍රතිලාභ ගෙවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව 2020-05-31 සිට 2020-09-30 වන තෙක් අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ පැවති එකඟතා ගිවිසුම දීර්ඝ කරමින් 2020-10-01 සිට 2020-12-01 තෙක් පැවති එකඟතාව, ඒ අනුව  2020-12-02 සිට 2021-12-01 තෙක් බලපවත්වන පරිදි තවදුරටත් දීර්ඝ කර තිබේ.

2020-05-30 දිනෙන් පසු සිදුවීම්වලට අදාළ සුරක්ෂා ප්‍රතිලාභ දීමනා ලබාගැනීම සඳහා අදාළ අයදුම්පත් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වෙත යොමු කළ යුතුය.

මෙම රක්ෂණ හිමිකම් අයදුම්පත් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමු කිරීමෙන් වළකින ලෙස දෙමව්පියන්, දූදරුවන් දැනුවත් කරන මෙන් කලාප අධ්‍යාපන කාර්යාල මගින් සියලු පරිවේණාධිපතිවරුන් සහ විදුහල්පතිවරුන් දැනුවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද අධ්‍යාපන අමාත්‍යාංශය උපදෙස් ලබා දී තිබේ.
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නව චීන තානාපති සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්

නව චීන තානාපති සහ ජවිපෙ ප්‍රධාන ලේකම් සහෝදරයා අතර හමුවක් ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති...

හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්නට වසර 7ක සිර දඬුවම්

දූෂණ චෝදනාවකට වරදකරු වූ හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්නට කොළඹ මහාධිකරණය විසින් වසර 7 ක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කරයි.

සුපිරි පාපන්දු ක්‍රීඩක මෙසී සමුගැනීමට යයි

ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇති බව අජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායක ලියනොල් මෙසී ප්‍රකාශ කරයි - විදෙස් මාධ්‍ය

උද්ධමනය ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත උද්ධමනය ජුලි මාසයේ 7.3% සිට අගෝස්තු මාසයේ 8% දක්වා ඉහළට; ආහාර උද්ධමනය 6.3% සිට 8.5% දක්වා ඉහළට සහ ආහාර...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img