Thursday, September 10, 2026
HomeNEWSLatest Newsසෞභාග්‍යයේ දැක්ම විද්වත් අදහස්වලින් සපිරි වැඩපිළිවෙලක්.....

සෞභාග්‍යයේ දැක්ම විද්වත් අදහස්වලින් සපිරි වැඩපිළිවෙලක්…..

සෞභාග්‍යයේ දැක්ම විද්වත් අදහස්වලින් සපිරි වැඩපිළිවෙලක්…..

විද්වතුන්ගේ අදහස්වලින් සමන්විත සෞභාග්‍යයේ දැක්ම ප්‍රායෝගික වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම ඉදිරියේ පිහිටුවන නව රජයේ අරමුණ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

සෑම ක්ෂේත්‍රයකම විද්වතුන්ගේ අදහස් එක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ක්‍රියාත්මක කිරීම සඳහා තුනෙන් දෙකක බලයක් මෙවර මහ මැතිවරණයේදී ඉල්ලා සිටින්නේ හැටku ,ක්ෂයක ජනතාවක් එම වැඩපිළිවෙල අනුමත කර තිබෙන නිසා යැයිද අද (2020.07.17) කොළඹදී පැවැති විද්වත් හමුවකට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය. 

මෙවර මහ මැතිවරණය සඳහා මැතිවරණ ප්‍රකාශනයක් ඉදිරිපත් නොකිරීමට හේතු වූයේත් පසුගිය ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කළ සෞභාග්‍යයේ දැක්ම සෑම අංශයකම විද්වතුන්ගේ අදහස් අනුව සකස් කළ ප්‍රකාශනයක් නිසා යැයිද එහිදී අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය. 

මෙරට සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට සහ කොවිඩ් වසංගත තත්ත්වයට මුහුණ දීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සපයා ගැනීමේ අරමුණින් මුදල් පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම් වූ ආකාරයත්, ඒ අවස්ථාවේ විපක්ෂය එම මුදල් පනත පරාජය කරන බවට කළ ප්‍රකාශත් සිහිපත් කළ අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ලැබුණු පළමු අවස්ථාවේදීම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පියවර ගනු ලැබුවේ එවැනි විපක්ෂයක් සමඟ රටක් ඉදිරියට ගෙන යාමේ හැකියාවක් නොමැති නිසා බවයි.

ඉදිරියටත් රටේ දියුණූව වෙනුවෙන් විද්වතුන්ගේ ප්‍රායෝගික අදහස් බලාපොරොත්තු වන බවද මෙහිදී අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. මෙම අවස්ථාවට හිටපු අමාත්‍ය, කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක සුසිල් ප්‍රේමජයන්ත මහතා ඇතුළු විද්වතුන් පිරිසක් එක්වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...

ගල්ෆ් මුහුදේ නෞකා කිහිපයකම ගිනිගැනීම්

ප්‍රධාන ගල්ෆ් මුහුදු මාර්ගවල ප්‍රහාර සමඟ වෙළඳ නෞකා කිහිපයක ගිනි ගැනීම්. එක්සත් අරාබි එමීර් රාජ්‍ය ආසන්නයේදී නෞකාවකට ජලය කාන්දු වන බවටත් වාර්තා: බ්‍රිතාන්‍ය සමුද්‍රීය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img