Sunday, November 1, 2026
HomeNEWSහජ් උත්සවය අද

හජ් උත්සවය අද

ඉස්ලාම් බැතිමතුන්ගේ හජ් උත්සවය අදට (21) යෙදී තිබේ.

පරිත්‍යාගයට හා සාමූහිකත්වයට මුල්තැන දෙමින් ලොවපුරා ඉස්ලාම් බැතිමතුන් සෑම වසරකම හජ් උත්සවය සමරනු ලබයි.

මෙරට හජ් වන්දනා සැමරුම් කොවිඩ් -19 මාර්ගෝපදේශවලට යටත්ව සිදුකරන බව කොළඹ මහා පල්ලිය සඳහන් කළේය.

එහි ප්‍රධාන මවුලවි මොහොමඩ් තස්ලින් සඳහන් කළේ, සීමිත පිරිසගේ සහභාගිත්වයෙන් යාච්ඤා මෙහෙයන් පවත්වන ලෙස උපදෙස් ලබා දී ඇති බවය.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉස්ලාමීය බැතිමතුන්ට දිව්‍යමය සමීපතාව සහිත අධ්‍යාත්මික විමුක්තිය හජ් යාඤාවෙන් සාක්ෂාත් වන මංගල්‍යයක් වේවායි ප්‍රාර්ථනා කර සිටී.

සියලුදෙනාගේ ආරක්ෂාව සහ සමාජ සුභ සිද්ධිය පිණිස කොවිඩ් වසංගතය හේතුවෙන් පනවා ඇති සීමාවන් කෙරෙහි විශේෂ අවදානය යොමුකර ඉස්ලාම් සමය වතාවත්වල නිරත වන ලෙස ජනාධිපතිවරයා සිහිපත් කරයි.

මේ අතර හජ් උත්සව සමයේ මුස්ලිම් ජනතාව විසින් දානමය කටයුත්තක් වශයෙන් සිදුකරනු ලබන සතුන් ඝාතනය සඳහා කිසිදු මුස්ලිම් දේවස්ථාන පරිශ්‍රයක මෙවර අවසර ලබා නොදීමට මුස්ලිම් ආගමික සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ වකුෆ් සභාව තීරණය කර තිබේ.

මුස්ලිම් ආගමික සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඒ.බි.එම්. අෂ්රෆ් මහතා විසින් මේ සම්බන්ධයෙන් සියලු මුස්ලිම් දේවස්ථාන භාරකාර මණ්ඩල වෙත ලිඛිතව දන්වා යවා ඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හානි වූ පාලම් 14ක් ප්‍රතිසංස්කරණයට චීන රජයෙන් රුපියල් මිලියන 3,933 ක පූර්ණ ප්‍රදානයක්

" ශ්‍රී ලංකාවේ ආපදා පසුකාලීන පාලම් ප්‍රතිසංස්කරණය සඳහා වන චීන රජයේ හදිසි ආධාර ව්‍යාපෘතියේ’ පළමු අදියර නිල වශයෙන් ඇරඹේ.....! හානි වූ පාලම් 14ක් ප්‍රරතිසංස්කරණයට චීන...

ජලය පිරිසිදු කිරීමට අවශ්‍ය ක්ලෝරීන් ඇතුළු රසායනික ද්‍රව්‍යවල හිඟයක්- නිරෝෂන් පාදුක්ක

සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (01) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ දූෂණ විරෝධී බලකායේ කැඳවුම්කරු නිරෝෂන් පාදුක්ක මහතා. වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය, ‘‘ජල...

හෙද නිලධාරීන් 2,819කට පත්වීම්..ඉදිරි වසර දෙක තුළ හෙද සේවයට තවත් 13,000ක්

හෙද නිලධාරීන් 2,819කට පත්වීම් සහ 76කට උසස්වීම්ඉදිරි වසර දෙක තුළ හෙද සේවයට 13,000ක් බඳවා ගන්නවා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය...

රජය ආණ්ඩු බලය බලහත්කාරයෙන් හෝ තබා ගැනීමට මර්දන අණ පනත් ගණනාවක් ගෙන ඒමට සූදානම් – විපක්ෂ නායක සජිත්

රජය ආණ්ඩු බලය බලහත්කාරයෙන් හෝ තබා ගැනීමට මර්දන අණ පනත් ගණනාවක් ගෙන ඒමට සූදානම් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වරායේ ගොඩබාන මිලට ඉන්ධන ලබා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img