Monday, September 21, 2026
HomeNEWSහෘද රෝග හේතුවෙන් සිදුවන මරණවලින් 80%ක්ම වළක්වා ගත හැකියි

හෘද රෝග හේතුවෙන් සිදුවන මරණවලින් 80%ක්ම වළක්වා ගත හැකියි

ලොව පුරා හෘද රෝග හේතුවෙන් සිදුවන මරණවලින් සියයට 80ක්ම වළක්වා ගත හැකි මරණ වීම කණගාටුවට කරුණක් බව හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය සම්පත් විතානවසම් මහතා පවසයි.ලෝක හෘද දිනය වෙනුවෙන් කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ පැවති වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.ලෝක හදවත් දිනයේ ප්‍රධාන අරමුණක් වන්නේ වළක්වා ගත හැකි හදවත් මරණ වළක්වා ගැනීම සඳහා එක්වී කටයුතු කිරීම බව වෛද්‍යවරයා එහිදී අවධාරණය කළේය.එමෙන්ම ඔහු පෙන්වා දෙන්නේ සරල හා නිරෝගී දිවි පෙවෙතක් ගත කිරීම හරහා හෘද රෝග අවම කර ගැනීමට හැකියාව ලැබෙන බවය.ව්‍යායාම, යහපත් ආහාර රටාව, දුම්පානයෙන් වැළකී සිටීම සහ ආතතිය ඇතිවන ක්‍රියාවන්ගෙන් වැළකීම මෙන්ම නිතිපතා කරන සෞඛ්‍ය පරීක්ෂාවන් ද මේ සඳහා වැදගත් වන බව වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය සම්පත් විතානවසම් මහතා,”හෘදයාබාධයක් හඳුනා ගන්නේ කෙසේ ද හෘදයාබාධයක ලක්ෂණ මොනවාද හෘදයාබාධයක් ඇති වූ විට අපි ක්‍රියාකළ යුත්තේ කෙසේ ද යන්න දැන ගැනීම සෞඛ්‍ය වෘත්තිකයින්ගේ පමණක් වගකීම නෙමේ. එය සියලු මහජනතාව දැනුවත් විය යුතු කරුණක්. ඔබ ඒ ගැන දැනුවත් වුවහොත් ඔබ ඉක්මනින් ප්‍රතිචාර දැක්වුවහොත් වෛද්‍යවරුන්ටත්, හෙද කාර්‍ය මණ්ඩලයටත් ඔබ වෙනුවෙන් කළ හැකි දේ බොහෝමයි.. අපි අපේ හදවතට කළ යුතු යුතුකමක් තියෙනවා. එය ඉටු කිරීම ඔබේ වගකීමක්..””ලෝක හදවත් දිනය යෙදී තියෙන්නේ සැප්තැම්බර් 29 වැනිදාට. ඊට සමගාමීව ශ්‍රී ලංකා හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාතනය සංවිධානය කළා පා ගමනක් හා මිනිසුන් දැනුවත් කිරීමේ වැඩසටහනක්. මේ අවුරුද්දේ තේමාව වෙලා තියෙන්නේ සෑම හෘද ස්පන්දනයක්ම වැදගත්. කිසිම හෘද ස්පන්දනයකට අකාලේ මිය යන්න දෙන්න එපා කියන පණිවිඩය. මම හිතනවා මෙය හොඳ පූර්වාදර්ශයක් වේවී ශ්‍රී ලාංකිකයින් හැමදෙනාටම නිවැරදි හදවතක් සහිතව ඉතිරි ජීවිත කාලේ ජීවත් වෙන්නේ”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සහනාධාරයක් ලබාදී තෙල්මිල පාලනය කිරීමට අපේක්ෂා කරන බව ජනපති අකුරැස්ස රැළියට එක්වෙමින් කියයි.

ලෝක වෙළඳප‍ළේ ඉන්ධන මිල ඉහළයාම හේතුවෙන් ඔක්තෝබර් මාසයේ මිල ඉහළ දැමිය යුතු වුවත් සහනාධාර ලබාදී මිල පාලනය කිරීමට අපේක්ෂා කරන බව ජනපති අකුරුස්ස රැළියට...

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත්-විපක්ෂ නායක සජිත්

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත් කියා අමතක නොකළ යුතුයි-විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති සේම පාර්ලිමේන්තුවේ 2/3ක් සහ පළාත් පාලන ආයතන...

ප්‍රදේශ කිහිපයකටම නාය යෑමේ අනතුරු ඇඟවීම්

මහනුවර - පස්බාගේ කෝරලය, කෑගල්ල - දෙහිඕවිට, අරනායක, දැරණියගල, මාවනැල්ල සහ යටියන්තොට, නුවරඑළිය - කොත්මලේ බටහිර, කොත්මලේ නැගෙනහිර, අඹගමුව සහ නෝර්වුඩ් ප්‍රා.ලේ. කොට්ඨාසවලට තුන්වන...

ජනාධිපති අරමුදලින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩි ලබා දීමේ වැඩසටහන ඇරඹෙයි

ජනාධිපති අරමුදලින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩිලබා දීමේ වැඩසටහන රජරට විශ්වවිද්‍යාලයෙන් ඇරඹේ ඉදිරියේදී මෙම වැඩසටහන සියලු විශ්වවිද්‍යාලවල ක්‍රියාත්මක කරනවා ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img