Tuesday, November 10, 2026
HomeNEWSහෙට සිට යළි විදුලිය විසන්ධි කරයි ද?

හෙට සිට යළි විදුලිය විසන්ධි කරයි ද?

විදුලිබල මණ්ඩලයට අවශ්‍ය පරිදි හෙට (10) සිට විදුලිය විසන්ධි කිරීම සඳහා අවසර ලබාදුන් බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව අද (09) ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් ලංකා විදුලිබල මණ්ඩලය පැවසුවේ අවශ්‍යතාවක් පැන නැඟුනහොත් පමණක් විදුලිය විසන්ධි කරන බවය.

කැලණිතිස්ස බලාගාරයේ විදුලි ජනන යන්ත්‍රයක සිදුවූ බිඳවැටීමක් සහ ඛනිජ තෙල් සංස්ථාව දැවි තෙල් ලබාදීම අත්හිටුවීමට පියවර ගැනීම හේතුකොට ගෙන පසුගිය දිනවල දිවයිනේ ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම බිඳවැටී තිබුණි.

මෙවැනි වාතාවරණයක විදුලිය විසන්ධි කිරීම සඳහා අවසර ඉල්ලමින් ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමට ඉල්ලීමක් ඉදිරිපත් කර තිබුණි.

විදුලිබල මණ්ඩලය පැවසුවේ දැවි තෙල් ගැටලුව සහ නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍රයක් අක්‍රීයවීම නිසා මතුව ඇති ගැටලුකාරී තත්ත්වය හමුවේ පද්ධතිය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා එම ඉල්ලීම ඉදිරිපත් කළ බවය.

ඒ අනුව මහජන උපයෝගීතා කොමිෂන් සභාව අද එම ඉල්ලීමට අවසර ලබාදී තිබුණි.

ඒ අනුව හෙට සිට විදුලිය විසන්ධිකිරීමක් සිදුවන්නේ දැයි ලංකා විදුලිබල මණ්ඩලයෙන් අද දෙරණ විමසීමක් කළේය.

මණ්ඩලය පැවසුවේ හෙට සිට විදුලි විසන්ධිකිරීමක්  සිදුකිරීමට මේ දක්වා තීරණයක් ගෙන නොමැති බවය.

අවශ්‍යතාවක් මතු වුවහොත් පමණක් විදුලිය විසන්ධි කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශකයකු සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...

ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ

ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ. නොවැම්බර් 09 සිට 14 දක්වා විශේෂ ඩෙංගු මර්දන සතියක්. ඩෙංගු මර්දන මෙහෙයුම් සහ සම්බන්ධීකරණ කටයුතු විධිමත්ව...

වීරත්වය යනු රට වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටු කිරීමක්- මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ

වීරත්වය යනු පුරවැසියෙකු රට දැය සමය වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටුකිරීම බවත් එය ඉතිහාසය තුළ සදාකාලික මතකයක් වනු ඇති බවත් පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ...

2026 බුකර් ත්‍යාගය එම්. ජෝන් හැරිසන්ගේ “The End of Everything” කෘතියට

2026 බුකර් ත්‍යාගය සඳහා බ්‍රිතාන්‍ය ජාතික ලේඛක එම්. ජෝන් හැරිසන්ගේ (81) "The End of Everything" කෘතිය නම් කරයි.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img