Monday, November 9, 2026
HomeNEWS පළාත් පාලන ආයතන මගින් අනුමැතිය ලබා නොගෙන ව්‍යාපෘති ආරම්භ කිරීම නිසාවෙන්ගැටළු...

 පළාත් පාලන ආයතන මගින් අනුමැතිය ලබා නොගෙන ව්‍යාපෘති ආරම්භ කිරීම නිසාවෙන්ගැටළු රැසක්-ඇමති ප්‍රසන්න රණතුංග.

 නාගරික සංවර්ධන අධිකාරිය විසින් පළාත් පාලන ආයතනවල අනුමැතිය ලබා නොගෙන ආරම්භ කර ඇති ව්‍යාපෘති සම්බන්ධයෙන් සොයා බලා සති දෙකක් ඇතුලතදී වාර්තාවක් ලබා දෙන්නැයි ඇමති ප්‍රසන්නගෙන් නිළධාරින්ට උපදෙස්….
 පළාත් පාලන ආයතන මගින් අනුමැතිය ලබා නොගෙන ව්‍යාපෘති ආරම්භ කිරීම නිසාවෙන්
ගැටළු රැසක් මතුවෙලා…
 මින් ඉදිරියට ව්‍යාපෘති ආරම්භ කිරීමේදී ආදාළ පළාත් පාලන ආයතනවල අනුමැතිය ලබා ගැනීම අනිවාර්යයි…
 නිළධාරින්ගේ දුර්වලකම් නිසා ආයතන හෑල්ලුවට පත්වෙන්න දෙන්න බැහැ…
ඇමති ප්‍රසන්න රණතුංග

නාගරික සංවර්ධන අධිකාරිය විසින් පළාත් පාලන ආයතනවල අනුමැතිය ලබා නොගෙන ආරම්භ කර ඇති ව්‍යාපෘති සම්බන්ධයෙන් සොයා බලා සති දෙකක් ඇතුලතදී වාර්තාවක් ලබාදෙන නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අමාත්‍යංශ උපදේශක කාරක සභාවේදී නිළධාරින්ට උපදෙස් දුන්නේය.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පළාත් පාලන ආයතන මගින් අනුමැතිය ලබා නොගෙන ව්‍යාපෘති ආරම්භ කිරීම නිසාවෙන් විවිධ ගැටළු මතුව ඇති බවයි.
එබැවින් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතේ ඇති ආයතන මගින් ව්‍යාපෘති ආරම්භ කිරීමේදී ආදාළ පළාත් පාලන ආයතනවල අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේ පසුගිය බ්‍රහස්පතින්දා (6) වැනිදා පාර්ලිමේන්තුවේදී පැවැති නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ උපදේශන කාරක සභාව සහභාගී වෙමිනි.
එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසීය.
සමහර ව්‍යාපෘති ක්‍රියාත්මක කරනකොට පළාත් පාලන ආයතනවල අනුමැතිය ලබා ගන්න ඕන. පළාත් පාලන ආයතනවල අනුමැතිය ලබා නොගෙන ව්‍යාපෘති ආරම්භ කිරීම වැරදි වැඩක්. එතකොට මොකක් හරි වුණාම වගකීම භාර ගන්න කෙනෙක් නෑ. එතකොට විවිධ ආයතනවලට වැරැද්ද පටවලා නිකන් ඉන්නවා. එහෙම වෙන්න බැහැ.
ව්‍යාපෘතියක් ආරම්භ කරන්න සාමාන්‍ය මනුස්සයෙක් ආවම ඒ මිනිහට දරාගන්න බැරි තරම් කොන්දේසි පනවනවා. මහා පරිමාණ ව්‍යාපෘතියක කොන්දේසි කඩවුණාම සමහරවිට මොකවත් කරන්නේ නැහැ. එක එක පුද්ගලයන්ට විශේෂ කරන්න බැහැ. අපි මේ කතා කරන බොහෝ ව්‍යාපෘති විවිධ කාලවල ආරම්භ කරපුවා.
නමුත් මේ ව්‍යාපෘති ගැන පසුවිපරමක් කරන්න ඕන. අපි මේවා ගැන පසුගිය උපදේශක කාරක සභාවේදිත් කතා කළා. එහිදී ගනිපු තීන්දු තීරණ තවම ක්‍රියාත්මක වෙලා නැහැ. අඩුම තරමේ උපදේශක කාරක සභාවෙදි කතා කළාමවත් මේ ව්‍යාපෘති ගැන හොයලා බලන්න.
කොන්දේසි කඩකරලා තියේනම් අධිකරණ ක්‍රියාමාර්ග ගන්න. මේවයේ ප්‍රගතිය හොයලා බලන්න. නිළධාරින්ගේ දුර්වලකම් නිසා රාජ්‍ය ආයතන හෑල්ලුවට පත්වෙන්න දෙන්න බැහැ. ඒ නිසා මේ ගැන හොයලා බලලා සති දෙකක් ඇතුළත මට වහාම වාර්තාවක් ලබා දෙන්න.
ඒ වගේම කොළඹ ක්‍රිෂ් ගොඩනැගිල්ල පිහිටි ඉඩම තියෙන්නේ නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩමක. මේක වටිනා ඉඩමක්. මේ ගොඩනැගිල්ල කිසිම කාර්යයකට යොදාගෙන නැහැ. ආයෝජකයා කොහොමහරි ගෙන්වා ගෙන මේකෙන් ප්‍රයෝජනයක් ගන්න බලන්න. මේ ගොඩනැගිල්ල නිසා මහජන පීඩාවන් ඇති වෙන්න තියන්න එපා. මෙවැනි ගොඩනැගිලි නිසා නගරය අවලස්සන වෙන්න තියන්න එපා.
නාගරික සංවර්ධන අධිකාරිය යටතේ තිබෙන ඉඩම් නැවත අදාළ ආයතන වෙත පවරනවා. ඒ බව ලිඛිතව දැනුම් දෙනවා. නමුත් අදාළ ආයනයෙන් පිළිතුරක් ගන්නේ නැහැ. ආණ්ඩු වෙනස් වෙනවා. ඇමතිවරුන් වෙනස් වෙනවා. එතකොට අලුතින් එන අය අර පැවරුම් ගැන අහනකොට නිළධාරින් උත්තර දෙන්නේ කොහොමද?.මම කියන්නේ අපි යනකොට අනුන්ට කුණු ගොඩවල් තියලා යන්න එපා. මේ හැම දෙයක්ම ඉවර කරල යන්න ඕන.
නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍යවරුන් වන අරුන්දික ප්‍රනාන්දු, තේනුක විදානගමගේ, අමාත්‍යංශ ලේකම් ඩබ්ලිව්.එස් සත්‍යානන්ද මහත්වරුන් සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතේ ඇති ආයතනවල සභාපතිවරුන්,අධ්‍යක්ෂ ජනරාල්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

ප්‍රදීප් අනුර කුමාර
(ගරු ප්‍රසන්න රණතුංග ඇමතිතුමාගේ මාධ්‍ය ලේකම්)
077 9633516

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක්

දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජා ඇල, කටාන සහ වත්තල ප්‍රා.ලේ. කොට්ඨාශවලට අයත් අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක්...

පොහොට්ටුවේ මහලේකම්ගෙන් විපක්ෂ නායකට හදිසි ලිපියක්

08/11/2026 සජිත් ප්‍රේමදාස මැතිතුමා, විපක්ෂ නායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ. ගරු විපක්ෂ නායකතුමනි, සම්බුද්ධ ශාසනයට හා භික්ෂුන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන්ගේ හදිසි...

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන්

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන් ව්‍යවසායකයාට සහ කර්මාන්තකරුවන්ට නිසි වටිනාකමක් හිමිවන, රාජ්‍ය සේවකයින්ට තෘප්තියෙන් වැඩ කළ හැකි සමාජයක් වත්මන් රජය යටතේ නිර්මාණය...

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ… ජල බැසයාමේ අවහිරතා පවතින ස්ථාන 60ක් හඳුනාගැනේ. ප්‍රමුඛතා පදනමින් අවහිරතා ඉවත්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img