Monday, November 9, 2026
HomeNEWS ලුම්බිණිය වෙත ඍජු ගුවන් ගමන් හඳුන්වා දෙන ලෙස නේපාල‍යෙන් ඉල්ලීමක්…

 ලුම්බිණිය වෙත ඍජු ගුවන් ගමන් හඳුන්වා දෙන ලෙස නේපාල‍යෙන් ඉල්ලීමක්…

 ලුම්බිණිය වෙත ඍජු ගුවන් ගමන් හඳුන්වා දෙන ලෙස නේපාල‍යෙන් ඉල්ලීමක්…
බෞද්ධ සිද්ධස්ථානයක් වන ලුම්බිණිය වෙත පැමිණෙන බැතිමතුන්ට පහසුකම් සැලසීම සඳහා බෞද්ධ රටවල් විසින් ලුම්බිණි ජාත්‍යන්තර ගුවන්තොටුපළට ඍජු ගුවන් ගමන් හඳුන්වා දිය යුතු බව නේපාලයේ හිටපු අගමැති සහ නේපාල කොමියුනිස්ට් පක්ෂ සභාපති වන මාධව් කුමාර් නේපාල් මහතා පැවසුවේය.
කත්මණ්ඩු සිට කොළඹ දක්වා සෘජු ගුවන් ගමන් දැනටමත් ක්‍රියාත්මක වන අතර ශ්‍රී ලංකා බලධාරීන්ට එය ලුම්බිණියේ සිට කොළඹ දක්වා දීර්ඝ කළ හැකි බවත් එමගින් බුදුන් උපන් දේශය වන්දනා කරන සංචාරකයින් විශාල සංඛ්‍යාවකට පහසුකම් සැලසීමට හැකි බවත් 2023.07.05 දින අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ පැවති සාකච්ඡාවේදී මාධව් කුමාර් (Madhav Kumar) මහතා සදහන් කළේය.
කෘෂි කාර්මික ක්ෂේත්‍රයේ ද්විපාර්ශ්වික සහයෝගීතාව පුළුල් කිරීම හා කර්මාන්ත සහ ජල විදුලිය වැනි නව ක්‍ෂේත්‍රයන්හි එකිනෙකාගේ විශේෂඥ දැනුම හුවමාරු කරගැනීම වැනි කරුණු පිළිබඳව මෙම සාකච්ඡාවලදී වැඩි අවධානයක් යොමු කෙරිණි.
මාධව් කුමාර් නේපාල් මහතා ශ්‍රී ලංකාවට පැමිණ සිටින්නේ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය පිහිටුවා වසර 80ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කරන ලද සමුළුවට සහභාගී වීමටය.
පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන සහ නේපාල තානාපති බාෂු දේව් මිශ්‍රා (Bashu Dev Mishra ) යන අය මෙම හමුවට සහභාගි වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක්

දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජා ඇල, කටාන සහ වත්තල ප්‍රා.ලේ. කොට්ඨාශවලට අයත් අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක්...

පොහොට්ටුවේ මහලේකම්ගෙන් විපක්ෂ නායකට හදිසි ලිපියක්

08/11/2026 සජිත් ප්‍රේමදාස මැතිතුමා, විපක්ෂ නායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ. ගරු විපක්ෂ නායකතුමනි, සම්බුද්ධ ශාසනයට හා භික්ෂුන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන්ගේ හදිසි...

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන්

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන් ව්‍යවසායකයාට සහ කර්මාන්තකරුවන්ට නිසි වටිනාකමක් හිමිවන, රාජ්‍ය සේවකයින්ට තෘප්තියෙන් වැඩ කළ හැකි සමාජයක් වත්මන් රජය යටතේ නිර්මාණය...

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ… ජල බැසයාමේ අවහිරතා පවතින ස්ථාන 60ක් හඳුනාගැනේ. ප්‍රමුඛතා පදනමින් අවහිරතා ඉවත්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img