2018 වසරේ දී ශ්‍රී ලංකාවට පැමිණි අල්කයිඩා ත්‍රස්ත වාදියා බේරුවේ රනිල් ඇතුළු හය දෙනෙක්.
2018 වර්ෂයේ දී මෙරටට පැමිණි අල්කයිඩා ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයකු වන මොහොමඩ් රිම්සාන් අත්අඩංගුවට ගැනීමට එවකට සිටි පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ක්‍රියා නොකළේ එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දේශපාලනඥයින් හය දෙනකුගේ බලපෑම මත බව හිටපු අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ මෙම දේශපාලන බලපෑම සිදුකළේ රිෂාද් බදුර්දීන්, අසාත් සාලි ,එම් එල් ඒ එම් හිස්බුල්ලා, මුජිබර් රහුමාන්,රාජිත සේනාරත්න යන මහත්වරුන් බවත් මේ ගැන තමා පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සොයා බලන ජනාධිපති විමර්ශන කොමිෂමට හෙළි කළ බවත් විජයදාසරාජපක්ෂ මහතා පෙන්වා දෙයි. මෙම ත්‍රස්තවාදී සාමාජිකයා අත්අඩංගුවට නොගන්නා ලෙසට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා නියෝග කළ බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු නියෝජ්‍යපොලිස්පති නාල ද සිල්වා මහතා 16 වැනි දා පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සොයා බලන ජනාධිපති විමර්ශන කොමිසමට ්‍රකාශ කර තිබෙන බවත් තමා හෙළි කර දේශපාලන බලපෑම මත එය සිදු වී තිබෙන බව දැන් මැනවින් පැහැදිලි වන බවත් විජයදාස රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.






















