මර්වින්ගෙ පුතා කප්පම් ඉල්ලයි.
පාර්ලිමේන්තු මහ මැතිවරණයට අනුරාධපුර දිස්ත්‍රික්කයට එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වන හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂයක මුදලක් ඉල්ලා ව්‍යාපාරිකයෙකුට මරණ තර්ජන සිදු කිරීම සම්බන්ධයෙන් මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා මහතාට එරෙහිව තලංගම පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ. බත්තරමුල්ල වික්‍රමසිංහපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සදුන් මලින්ද තේනුවර මහතා විසින් මෙම පැමිණිල්ල පසුගිය 16 වැනි දින තලංගම පොලිසියට ඉදිරිපත් කර තිබේ.






















