Friday, May 22, 2026
HomeNEWS2025 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී...සැප්තැම්බර් මස 9 සිට...

2025 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී…සැප්තැම්බර් මස 9 සිට 28 දක්වා

2025 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන බව ආසියනු ක්‍රිකට් කවුන්සලය අද (26) නිවේදනය ⁣කළේය.පසුගියදා බංගලදේශයේ ඩකාහි පැවති ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ (ACC) රැස්වීමේ දී මේ පිළිබඳ අවසන් තීරණය තිබේ.තරගාවලිය සැප්තැම්බර් මස 9 සිට 28 දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, ඒ සඳහා රටවල් 8ක් තරගවැදීමට නියමිතය.ඒ අනුව තරගාවලියේදී නිල තරග කාලසටහන නුදුරේදීම ප්‍රකාශයට පත්කරනු ඇත. මේ සඳහා දැනටමත් ඉන්දියාව, ඇෆ්ගනිස්තානය, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ පාකිස්තානය සුදුසුකම් ලබා සිටී.සෙසු කණ්ඩායම් ත්‍රිත්වය වන්නේ ACC ප්‍රිමියර් කුසලානයේ ජයග්‍රාහකයින් වන එක්සත් අරාබි එමීර් රාජ්‍යය, හොංකොං සහ ඕමානය යි. මීළග⁣ට ඇති ආසන්නම ලෝක කුසලානය 2026 විස්සයි20 ලෝක කුසලානය වන බැවින් එළැඹෙන ආසියානු කුසලානය ක්‍රිකට් තරගාවලියද විස්සයි20 ආකෘතිය යටතේ පැවැත්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුව හැම පොරොන්දුවකටම ලෝක තත්වය ගැන සඳහන් කළ යුතුයි- සුජීව

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ වර්තමාන මාලිමා ආණ්ඩුව ඉදිරියේදී පොරොන්දු දෙනවා නම් ලෝක තත්ත්වයන් හමුවේ වෙනස් විය හැකි බව යනුවෙන් සඳහන් කරමින් ජනතාවට පොරොන්දු ලබා...

සීනි මිලෙහි වැඩිවීමක්!

‍සීනි අපනයනය අත්හිටුවීමට ඉන්දියාව ගෙන ඇති තීරණය හේතුවෙන් වෙනත් රටවලින් සීනි ආනයනය කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි. එහි...

ආනයනය කරනු ලබන වාහන සඳහා 50%ක අධිභාරයක්

ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ...

ඩොලරයේ විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 331අභිබවයි

මහ බැංකුව විසින් අද (15) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 323.53ක් ලෙස සටහන් වී...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img