Thursday, August 20, 2026
HomeNEWS2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සංචාරකයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 13 ඉක්මවයි

2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සංචාරකයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 13 ඉක්මවයි

2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 13 සීමාව ඉක්මවා ගොස් තිබේ.සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යා ලේඛනවලට අනුව මේ දක්වා 1,313,232ක විදෙස් සංචාරකයින් සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.ඒ අතරින් පුද්ගලයින් 269,780ක් ඉන්දියාවෙන්, 124,652ක් එක්සත් රාජධානියෙන් සහ 114,644ක් රුසියාවෙන් පැමිණි බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.මේ අතර ජූලි මාසයේ මේ දක්වා සංචාරකයින් 145,188ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත පෙන්වා දෙයි.එම අධිකාරියේ විසින් නිකුත් කරන ලද දත්තවලට අනුව, ඉන්දියාවෙන් සංචාරකයින් 27,786ක් පැමිණ ඇති අතර එය 19.1% කි. තවද, ජුලි මාසයේදී එක්සත් රාජධානියෙන් පුද්ගලයින් 16,750ක්, නෙදර්ලන්තයෙන් පුද්ගලයින් 10,809 ක්, චීනයෙන් 5,904 ක් සහ ප්‍රංශ ජාතිකයින් 7,732ක් ද ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කොළඹ, කොටුව උරුමය සුරකිමින් සංචාරක කලාපයක් කිරීමේ සැලසුම් ජනපතිගේ අවධානයට

කොළඹ, කොටුව ඓතිහාසික උරුමය සුරකිමින් සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ සැලසුම් ජනපතිගේ අවධානයට කොළඹ ඓතිහාසික කොටුව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනය කිරීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති...

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වීමට සැලසුම් කර තිබේ.

ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීම සඳහා එම සංගමයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (19) පස්වරුවේ රැස්වීමට නියමිත බව එහි වැඩබලන සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේය. ගුවන්තොටුපොළ...

හිටපු ඇමති ජගත් පුෂ්පකුමාරගේ බිරිඳ අනතුරකින් ජීවිතක්ෂයට.

හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතාගේ බිරිඳ වන දේශානි ගුණරත්න මහත්මිය අනතුරකට ලක්ව ජීවිතක්ෂයට පත්ව තිබේ. මියගොස් ඇත්තේ 55 හැවිරිදි දෙදරු මවකි. තමන්ට අයත් අලුතින් ඉදිකරමින් පවතින...

පොලිසිය සම්පූර්ණයෙන්ම ‘පොලිෂ්’ වෙයි..!

ලබන ජනවාරි මාසය වන විට ශ්‍රී ලංකා පොලිසිය සඳහා නව නිල ඇඳුමක් හඳුන්වා දීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img