Tuesday, September 22, 2026
HomeNEWS2026 වාහන ප්‍රදර්ශන පෙළපාලිය ඇරැඹේ

2026 වාහන ප්‍රදර්ශන පෙළපාලිය ඇරැඹේ

​ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය (Ceylon Automobile Importers Association -CAIA) සංවිධානය කළ “Motor Rally 2026” වාහන ප්‍රදර්ශන පෙළපාලිය අද (16) කොළඹ Port City පරිශ්‍රයෙන් ආරම්භ වූ අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහභාගී විය.

​සමාජය තුළ වගකීම් සහගත මෝටර් රථ සංස්කෘතියක් (Responsible Motoring Culture) සහ ස්වයං විනයගරුක රිය පැදවීමක් ස්ථාපිත කිරීමත්, නීති රීතිවලට පමණක් සීමා නොවී අන්‍යෝන්‍ය ගෞරවයෙන් යුතුව මාර්ග භාවිත කිරීමේ සංකල්පය සමාජගත කිරීමත් මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි.

​මෙම ප්‍රදර්ශන පෙළපාලිය මඟින් මෝටර් රථ ක්ෂේත්‍රයේ නවීන තාක්ෂණික ප්‍රවණතා දැකබලා ගැනීමට ජනතාවට අවස්ථාව හිමිවන බව අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය. රටේ ආර්ථිකය ශක්තිමත් වීමත් සමඟ වාහන ආනයනය නැවත ආරම්භ කර ඇති අතර, සෑම පුරවැසියෙකුටම වාහනයක් භාවිත කළ හැකි පරිසරයක් සැකසීම රජයේ අරමුණ බවත්, මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය අවසන් වූ විගස තාවකාලික බදු සීමා ඉවත් කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

​කුඩා ප්‍රමාණයේ රථවල සිට සුපිරි මෝටර් රථ දක්වා වූ වාහන රැසක් එක්වූ මෙම පෙළපාලිය Port City පරිශ්‍රයෙන් ආරම්භ වී Water’s Edge දක්වා ගමන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විවේචනාත්මක රුසියානු මහමැතිවරණයෙන් පුටින්ට ඉහළ ජයක්

2022 වසරේ යුක්‍රේනය වෙත එල්ල කළ පූර්ණ පරිමාණ ආක්‍රමණයෙන් පසුව රුසියාවේ පැවැත්වුණු පළමු පාර්ලිමේන්තු මැතිවරණය 2026 සැප්තැම්බර් 18 සිට 20 දක්වා දින තුනක් පුරා...

ඉරාන විදේශ ඇමති නිව්යෝර්ක් නුවරට

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 81 වන මහා මණ්ඩල වාරයට සහභාගී වීම සඳහා ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාචි ප්‍රමුඛ එරට ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අමෙරිකාවේ නිව්යෝර්ක්...

වෙඩි තබා, වීදුරු කඩා හෙරොයින් සමග තිදෙනෙකු ඇල්ලූ මෙහෙයුම

හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රවාහන කළ පුද්ගලයෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු මෝටර් රථයක් සමග ගිරිඋල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් අරුණ වෙබ් අඩවිය ගිරිඋල්ල පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් සිදුකළ...

ස්වාධීනව සිතන, නිර්භීත තරුණ පරපුරක් මේ රටේ අනාගතය ගොඩ නඟයි – දිලිත් ජයවීර

ගාල්ල ශාන්ත ඇලෝෂියස් විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයකු වන සර්වජන බලය පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි දිලිත් ජයවීර පසුගියදා එහි පැවැති “Young Diplomats Model united nations...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img