Friday, September 11, 2026
HomeNEWS22 ගැන පාර්ලිමේන්තුව දැනුවත් කරන්නැයි සජිත් කළ ඉල්ලීමට නීතිඥ සංගමයෙන් පිළිතුරු

22 ගැන පාර්ලිමේන්තුව දැනුවත් කරන්නැයි සජිත් කළ ඉල්ලීමට නීතිඥ සංගමයෙන් පිළිතුරු

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දැනුවත් කිරීම සඳහා අද දිනයේ දී ශ්‍රී ලංකා නීතිඥ සංගමයට පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙසට සිදුකළ ආරාධනය සම්බන්ධයෙන් එම සංගමය විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.

අදාළ ලිපිය මඟින් විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලා ඇත්තේ, පක්ෂ විපක්ෂ දෙපාර්ශ්වයේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වය සහතික කළ හැකි අවස්ථාවක් උදාවෙන තුරු මෙම දැනුවත් කිරීමේ වැඩසටහන කල්දැමීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසය.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දැනුම්වත් කිරීම ඉතා කාලෝචිත යෝජනාවක් බව ද එම ලිපියේ සඳහන්ව ඇත.

එය ජාතික වැදගත්කමක් ඇති බැවින් මේ පිළිබඳ පක්ෂ විපක්ෂ භේදයකින් තොරව එකඟතාවයක් ඇති කරගනු ඇතැයි තම සංගමය බලාපොරොත්තු වන බවද නීතිඥ සංගමය අදාළ ලිපිය මඟින් දැනුම්දී ඇත.

එවැනි අවස්ථාවක් ලබාදීම තුළින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ඉදිරිපත් කරනු ලබන කරුණු සහ මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පවතින ගැටලු වඩාත් හොඳින් අවබෝධ කර ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි තම විශ්වාස බවද සඳහන් කර තිබේ.‍

කෙසේ වෙතත්, අද දින පාර්ලිමේන්තුවේ පැවති කටයුතු සහ රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද ස්ථාවරය සැලකිල්ලට ගැනීමේදී, මේ සම්බන්ධයෙන් කිසිදු එකඟතාවක් නොමැති බවත්, තම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙම අවස්ථාව ලබා දීමට රජයට දැනට කිසිදු උනන්දුවක් නොමැති බවත් පෙනී යනු ඇතැයි ද අදාළ ලිපිය මඟින් පෙන්වා දී ඇත.

යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විපක්ෂය දැනටමත් සිය දැඩි විරෝධය පළ කර තිබුණද, මෙම කරුණු පැහැදිලි කිරීමේ සැසිය ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඒ පිළිබඳව තම ස්ථාවරය අපක්ෂපාතීව සලකා බැලීමට ඉතා ප්‍රයෝජනවත් වන්නට ඉඩ තිබුණු බව තම විශ්වාසය වන බවද ශ්‍රී ලංකා නීතිඥ සංගමය විපක්ෂ නායකවරයා වෙත යොමු කළ ලිපියේ වැඩිදුරටත් සඳහන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img