Monday, September 21, 2026
HomeNEWS 22 වැනි සංශෝධනයට වඩා ජනතාවගේ ප්‍රශ්න වැදගත් – මහින්ද.

 22 වැනි සංශෝධනයට වඩා ජනතාවගේ ප්‍රශ්න වැදගත් – මහින්ද.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට වඩා ජනතාව මුහුණ දී සිටින ගැටලු විසඳීම සඳහා ආණ්ඩුව ප්‍රමුඛතාව ලබාදිය යුතු බව හිටපු ජනාධිපති සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

22 වැනි සංශෝධනය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ, ජනතාව වෙනුවෙන් ආණ්ඩුවට මීට වඩා වැදගත් කාර්යයන් රැසක් සිදු කිරීමට ඇති බවයි.

“මේ 22 වැනි සංශෝධනය ගේනවට වඩා ආණ්ඩුවට ජනතාව වෙනුවෙන් කරන්න වැඩ තියෙනවා. ඒවා කරලා ඉවරවෙලා ඕනෑ වගන්තියක් ගෙනාවට කමක් නැහැ” යනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

වත්මන් ආණ්ඩුව ජනතාවගේ සැබෑ ගැටලු සඳහා ප්‍රමුඛතාව ලබා නොදෙන බවට ද ඔහු චෝදනා කළේය.

ජනතාවට ආහාර පාන සම්බන්ධයෙන් පවා ගැටලු ඇති අවස්ථාවක එම ප්‍රශ්න විසඳීමට කටයුතු නොකර “අනවශ්‍ය ප්‍රශ්න” ඉදිරියට ගෙන ඒම ගැටලුවක් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (21) මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා වෙත

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා වෙත ලැබී ඇති බව කථානායක කාර්යාලය පවසයි.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරක්.. පාසල් ළමුන් ඇතුළු 10 දෙනෙකුට තුවාල

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම සහ දොඩංගොඩ අතර වාහන 08 කට ආසන්න සංඛ්‍යාවක් ගැටී සිදුවූ අනතුරකින් පාසල් ළමුන් 6 ක් ඇතුළු 10 දෙනෙකු තුවාල ලබා...

සහනාධාරයක් ලබාදී තෙල්මිල පාලනය කිරීමට අපේක්ෂා කරන බව ජනපති අකුරැස්ස රැළියට එක්වෙමින් කියයි.

ලෝක වෙළඳප‍ළේ ඉන්ධන මිල ඉහළයාම හේතුවෙන් ඔක්තෝබර් මාසයේ මිල ඉහළ දැමිය යුතු වුවත් සහනාධාර ලබාදී මිල පාලනය කිරීමට අපේක්ෂා කරන බව ජනපති අකුරුස්ස රැළියට...

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත්-විපක්ෂ නායක සජිත්

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත් කියා අමතක නොකළ යුතුයි-විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති සේම පාර්ලිමේන්තුවේ 2/3ක් සහ පළාත් පාලන ආයතන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img