දිලිප් සරම උස්සන් ….හරීන් ,මරික්කාර් කමිස ගැලවීමට යයි.
සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන දිලිප් වෙදාරච්චි මහතා ඊයේ මැති සබයේ දී සරම භාගයට උස්සන් සිටි අතර එස් එම් මරික්කාර් සහ හරින් ප්රනාන්දු මන්ත්රීවරුන් කමිස ගැලවීමට සූදානම් විය .ආණ්ඩු පක්ෂයේ a.l.m. අතාවුල්ලා සුදුසු නැති ඇඳුමකින් පාර්ලිමේන්තුවට පැමිණ ඇති බව ප්රකාශ කරමින් ඊට විරෝධය පා මොවුන් මෙසේ ඇඳුම් ගැලවීමට සූදානම් වී තිබේ .අතාඋල්ලා මහතා මැති සබයෙන් ඉවත්වීමෙන් පසු මෙම උණුසුම්කාරී තත්වය පහව ගොස් ඇත.






















