Sunday, November 15, 2026
HomeNEWSLatest Newsමහනුවර ඛේදවාචකය - පුංචි පවුල අවසන් ගමන් යයි

මහනුවර ඛේදවාචකය – පුංචි පවුල අවසන් ගමන් යයි

මහනුවර ඛේදවාචකය – පුංචි පවුල අවසන් ගමන් යයි

මහනුවර බූවැලිකඩ ප්‍රදේශයේ පස්මහල් නිවසක් කඩාවැටීමේ ඛේදවාචකයෙන් දිවි අහිමි වූ අඹුසැමි යුවළගේ සහ මාස එකහමාරක් වයසැති බිලිඳියගේ අවසන් කටයුතු අද (23) සිදුකෙරුණි.

ඒ බොහෝ පිරිසකගේ සෝ සුසුම් මැදය.

බූවැලිකඩ සංඝමිත්තා මාවතේ පස්මහල් නිවසක්, ඊට පහළින් පිහිටි කුඩා හෝටලයක් සහිත නිවසක් මතට කඩා වැටීමෙන් අඹුසැමි යුවළකට සහ ඔවුන්ගේ මාස එකහමාරක් වයසැති බිලිඳියට දිවි අහිමිවූයේ පසුගිය ඉරිදාය.

ජීවිතක්ෂයට පත් චමිල ප්‍රසාද් සහ අචලා ඒකනායකගේත්, ඔවුන්ගේ මාස එකහමාරක් වයසැති දියණිය ඔනෙලාගෙත් දේහ එම ප්‍රදේශයේම ඔවුන්ට අයත් තවත් හෝටලයක අද පස්වරුව වන තෙක් තැන්පත් කර තිබුණි.

කටුගස්තොට මහයියාව පොදු සුසාන භූමියේදී ඔවුන්ගේ අවසන් කටයුතු සිදු කෙරුණේ ඥාතීන්, හිතවතුන් ඇතුළු බොහෝ දෙනෙකුගේ සෝ සුසුම් මැදය.

ජීවිතක්ෂයට පත්වූ චමිල ප්‍රසාද්ගේ වැඩිමහල් සොයුරා අද එංගලන්තයේ සිට අවමංගල්‍යයට සහභාගී වීම සඳහා මෙරටට පැමිණි අතර නිරෝධායනයට රැගෙන යන අතරතුර ඔහු සුසාන භූමිය වෙත පැමිණියේය.

එය ඉතා සංවේදී අවස්ථාවක් විය.

මේ අතර, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන් පිරිසක් කඩාවැටුණු පස්මහල් නිවස සහ එම ප්‍රදේශය අදත් නිරීක්ෂණය කළේය.කඩා වැටුණු නිවසේ ඉදිකිරීම් සම්බන්ධයෙන් වන මුල් ලේඛනවල පිටපත්  අධ්‍යයනය කරමින් පවතින බවය.

එහි අවසන් වාර්තාව මෙම සතිය ඇතුළත සකස් කොට අවසන් කරන බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සඳහන් කළේය.

මහනුවර නගරයේ අනවසර සහ අවිධිමත් ගොඩනැගිලි පිළිබඳ විමර්ශනයක් සිදුකර වාර්තාවක් ලබාදීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා පත්කළ කමිටුව පළාත් ඉංජිනේරු සේවා දෙපාර්තමේන්තුවේදී අද රැස්විය.

එම වාර්තාව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතාට හෙට (24) ලබාදීමට නියමිතය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...

ඇමති විජිතගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්!

අමාත්‍ය විජිත හේරත් මහතාගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්! 2026 මැයි මාසයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය...

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව

මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ඇසිදිසි ශිෂ්‍යත්ව ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය අද (14) පැවැත්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන...

ලොකු ගාණකින් ගෑස් මිල වැඩිකිරීම ගැන පාර්ලිමේන්තුවේ කතා කිරීම තහනම් ද? විපක්ෂ නායක සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

ලොකු ගාණකින් ලාෆ් ගෑස් මිල වැඩි කරපු එක ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්න විපක්ෂ නායකට තහනම් ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ප්‍රශ්න කරයි ජනාධිපතිවරයා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img