මැන්ඩි මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් සුරාබදු නිලධාරියාගේ වැඩතහනම්
මැන්ඩි‘ වර්ගයේ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 653ක් සමග සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් ඇතුළු දෙදෙනෙක් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, ජයවර්ධනපුර කාර්යාලයට අනුයුක්තව සේවය කළ සුරාබදු නියාමකවරයෙක් සහ තවත් අයෙකි.
එම මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් මිලියන 10ක් බව වාර්තා වේ.
ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි එම නිලධාරියාගේ වැඩතහනම් කිරීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නියෝග කර තිබේ.
එම නිලධාරියා ඉතා මෑතක දී පරිවාස කාලසීමාව සම්පුර්ණ කරන ලද නවක සුරාබදු නියාමකවරයෙකු ලෙස හඳුනා ගෙන ඇතැයි ද නිවේදනයක් නිකුත් කරමින් නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසයි.






















