අවධානම නොතැකූ බස් රිය – දර්ශන සහිතයි
දකුණු පයාගල දුම්රිය හරස් මාර්ගය වසා ඇති අවස්ථාවක එය නොතකා දුම්රිය හරස් මාර්ගය හරහා ධාවනය වු බස් රථයක් පිළිබඳ වීඩියෝවක් ලැබී තිබේ.
ඊයේ (28) සවස 5.16ට පමණ මෙය සිදුව ඇත.
දුම්රිය පැමිණෙන තෙක් මාර්ගයේ සියලු වාහන නතර කර ඇති අවස්ථාවක එම සුඛෝපභෝගී බස් රථය එක්වරම දුම්රිය හරස් මාර්ගයෙන් ඉදිරියට ධාවනය විය.
පසුව එම බස් රථය ආදර්ශයට ගනිමින් එහි නවතා තිබූ යතුරුපැදි කිහිපයක් ද දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් ධාවනය වේ.
ෆේස් ෆුක් ග්රාහකයෙක් විසින් මෙම වීඩියෝව අප වෙත යොමුකරමින් ඉල්ලා ඇත්තේ මෙවැනි නොහික්මුණු රියදුරන් හට වහාම නීතිය ක්රියාත්මක කිරීමට බලධාරීන්ගේ අවධානය යොමුකර දෙන ලෙසය.






















