විපක්ෂයත් සිවිල් සංවිධානත් එකමුතුව ජනතාව දැණුවත් කිරීම සඳහා පවත්වන ලද විශේෂ මාධ්‍ය සාකච්ඡාව
විසිවන ව්‍යවස්ථා සංශෝධනය මගින් රට තුළ සිදුවීමට යන ප්රජාතන්ත්රවාදයේ අහිමිවීමත් ඉන් සාමාන්‍ය පුරවැසියන්ට සිදුවන අසාධාරණයත් පිළිබඳව පාර්ලිමේන්තුවේ විපක්ෂයත් සිවිල් සංවිධානත් එකමුතුව ජනතාව දැණුවත් කිරීම සඳහා සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සංවිධාන ශක්තියෙන් විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් අද දින 2020.09.29 දින කොළඹ ජානකී හෝටලය ස්ථානයේ දී පවත්වනු ලැබුවා.
ඒ හිටපු කථානායක කරු ජයසූරිය මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එම අවස්ථාවට සමගි ජන බලවේගයේ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් වන දොස්තර රාජිත සේනාරත්න, මනෝ ගනේෂන්, ගජේන්ද්ර කුමාර් පොන්නම්බලන් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග යන මහත්වරු සහභාගී වූහ. ඊට අමතරව සිවිල් සංවිධාන වල නියෝජිතයින් පිරිසක් ද එක් වූහ.






















