වන අලි පහරදීමකින් කාන්තාවක් මරුට
මැදිරිගිරිය, දර්ශනපුර ප්රදේශයේ දී වන අලි පහරදීමකින් කාන්තාවක් මිය ගොස් තිබේ.
එලෙස මිය ගොස් දර්ශනපුර ප්රදේශයේ ඇත්තේ පදිංචිව සිටි වයස අවුරුදු 72 හැවිරිදි කාන්තාවකි.
අද (30) අලුයම 1.00ට පමණ මෙම වනඅලි පහරදීම සිදුව ඇති බව වාර්තා වෙයි.
දියණියගේ නිවසසේ සිට මීටර් 200ක් පමණ දුරින් පිහිට තම නිවස වෙත යමින් සිටිය දී එම කාන්තාව වන අලි ප්රහාරයට ලක්ව ඇති බව “අද දෙරණ“ වාර්තාකරු පැවසීය.
මිය ගිය කාන්තාවගේ මෘත ශරීරය මැදිරිගිරිය මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.






















