Saturday, November 14, 2026
HomeNEWSLatest Newsඒ වෙලාවේ කිව්වානං සර් මේක ලෙඩක් කියලා ඔක්කොම වැඩ අතෑරලා මම මේ...

ඒ වෙලාවේ කිව්වානං සර් මේක ලෙඩක් කියලා ඔක්කොම වැඩ අතෑරලා මම මේ වැඩේට පනිනවා

ඒ වෙලාවේ කිව්වානං සර් මේක ලෙඩක් කියලා ඔක්කොම වැඩ අතෑරලා මම මේ වැඩේට පනිනවා

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ද පාස්කු කොමිසම හමුවේ ඊයේ සාක්ෂි ලබාදෙමින් 20 වැනි දා ප්‍රහාරයක් එල්ල වන බවට තොරතුරු ලැබුණත් එය කොතරම් දුරට අඩු කර ගැනීමට හැකියාවක් තිබුණා ද කියන එක ගැටලුවක් වූ බවය. 

රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය 2017 මාර්තු මස “ආලියාර්” ගැටුමෙන් පසු සහරාන් ඇතුළු පිරිස ප්‍රදේශයෙන් පළා ගොස් සැඟව සිටි බවට, යුද හමුදා බුද්ධි අංශය විසින් ජාතික බුද්ධි ප්‍රධානියාට යොමුකළ වාර්තාවක් පෙන්වා සිටියේය.

ඒ කෙරෙහි අවධානය යොමුකළ හේමසිරි ප්‍රනාන්දු මහතා පැවසුවේ, තමන් එම වාර්තාව මීට පෙර කිසිදු දිනක දැක නොමැති බවය. 

එමෙන්ම යුද හමුදා බුද්ධි අංශය, ජාතික බුද්ධි ප්‍රධානියාට බුද්ධි තොරතුරු යොමුකරන බව පවා දැනගත්තේ මේ අවස්ථාවේ දී බව හිටපු ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කළේය.

පසුව රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්න කර සිටියේ, ජනාධිපතිවරයා විදෙස්ගත වු අවස්ථාවක දී ඔහු සෘජුව ඇමතිමේ හැකියාවක් ඔබට තිබුණේ ද යන්නය.

” නැහැ ස්වාමිනි, මම ආරක්ෂක ලේකම් වුනාට මට එහෙම හැකියාවක් තිබුණේ නැහැ. මම ජනාධිපතිවරයාට ඇමතුම් ගත්තේ ආරක්ෂක අමාත්‍යංශය හෝ ජනාධිපති ලේකම් කාර්යාලය හරහා “ බව හේමසිරි ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය. 

මෙහිදි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය සාක්ෂිකරුගෙන් විමසා සිටියේ, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන පසුගිය වසරේ අප්‍රේල් 18 ඔබ අමතා,”තාලන්කුඩා පිපිරීම සහරාන්ගේ ඩ්‍රයිරන් එකක්.” කියලා පැවසුවා ද යන්නය.

“කාන්තන්කුඩියේ පිපිරීමක් වෙලා තියෙනවා කියලා කිව්වා මතකයි. නමුත්, ඩ්‍රයි රන් එකක් කියලා කිව්වා කියලා මට මතකයක් නැති බව” හේමසිරි ප්‍රනාන්දු මහතා පිළිතුරු දුන්නේය.

එහිදි සභාපති විනිසුරුවරයා ප්‍රශ්න කළේ, “ප්‍රහාරයක් එල්ල වන බවට අප්‍රේල් 19 ඔබව නිශ්චිතව දැනුවත් කළේ නම් ඔබ ගන්නා පියවර කුමක් ද?” යන්නය.

“ඒ වෙලාවේ කිව්වානං සර් මේක ලෙඩක් කියලා ඔක්කොම වැඩ අතෑරලා මම මේ වැඩේට පනිනවා. කොහොමහරි ජනාධිපතිට කතා කරනවා. ‘ සර් මේක අගමැතිතුමාට කියන්නද ? මේක ආරක්ෂක රාජ්‍ය ඇමතිට කියන්න ද අහනවා. ඒකට එපා කියන බව දන්නවා. එතකොට කරන්න පුළුවන් හොඳම දේ දන්නේ ත්‍රිවිඩ හමුදාව සහ පොලීසිය ඒ නිසා මම ඔවුන්ව දැනුවත් කරනවා” යැයි හේමසිරි ප්‍රනාන්දු මහතා පිළිතුරු ලබාදුන්නේය.

සභාපති විනිසුරුවරයා පෙරළා ප්‍රශ්න කළේ, “හරි එහෙනම්, දැන් අප්‍රේල් 20 ලැබුනම තොරතුර හෙට හෝ ඊට පෙර ගහනවා කියලා ඇයි ඔබ ඔය පිළිවෙත අනුගමනය නොකළේ? ” යන්නය.

” ස්වාමිනි ඒ වෙලාව වෙද්දි ප්‍රහාරයේ පරිමාව කොතරම් දුරට අඩු කර ගැනීමට හැකියාවක් තිබුණා ද කියන එක ප්‍රශ්නයක්. මොකද සහරාන් ඇතුලු පිරිස කොළඹට ඇතුල්වෙලා තිබ්බේ දින 03 කට කලින්. නමුත් අප්‍රේල් 20 හරි නිලන්ත මට නිර්දේශ කළානම් ජනාධිපතිට කියන්න කියලා මම එක කරනවා.” යැයි හිටපු ආරක්ෂක ලේකම්වරයා පිළිතුරු දුන්නේය.

” ඒකද ඇත්ත හේතුව, නැත්තම් අර විදෙස් මාධ්‍යවේදියාට කියපු විදිහට ප්‍රහාරයක් වෙයි කියලා දැනං හිටියා මෙච්චර පරිමාණයෙන් වෙයි කියලා ඔබ හිතුවේ නැහැයි කියන එක ද ?” යැයි ජනාධිපති කොමිසම සභාපති විනිසුරුවරයා එහිදී විමසා සිටියේය.

එහිදි මද සිනාවක් සමගින් හිටපු ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ, තමන් මීට පෙර ඒ පිළිබඳ ජනාධිපති කොමිසමට සාක්ෂි දුන් බවය.

“Fresh පිට හිටියේ නැහැ” කියන එකදැයි ජනාධිපති කොමිසම සභාපති විනිසුරුවරයා පෙරළා විමසු විට හේමසිරි ප්‍රනාන්දු මහතා මද සිනාවක් සමගින් නිහඩව සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඇමති විජිතගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්!

අමාත්‍ය විජිත හේරත් මහතාගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්! 2026 මැයි මාසයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය...

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව

මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ඇසිදිසි ශිෂ්‍යත්ව ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය අද (14) පැවැත්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන...

ලොකු ගාණකින් ගෑස් මිල වැඩිකිරීම ගැන පාර්ලිමේන්තුවේ කතා කිරීම තහනම් ද? විපක්ෂ නායක සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

ලොකු ගාණකින් ලාෆ් ගෑස් මිල වැඩි කරපු එක ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්න විපක්ෂ නායකට තහනම් ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ප්‍රශ්න කරයි ජනාධිපතිවරයා...

රාජ්‍ය සේවය අනවශ්‍ය ලෙස පුළුල් කරමින් ආර්ථිකයට බරක් පැටවීමට රජය සූදානම් නැහැ– අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවා කාණ්ඩ 04ක් යටතේ 223 දෙනෙකුට නව පත්වීම්. “රාජ්‍ය සේවය අනවශ්‍ය ලෙස පුළුල් කරමින් රටේ ආර්ථිකයට බරක් පැටවීමට රජය සූදානම් නැහැ” – සෞඛ්‍ය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img