Friday, September 4, 2026
HomeNEWSLatest News‘පොල්තෙල් සහ පාම්තෙල් කලවම් කර විකිණීමට අනුමැතිය දුන් ගැසට් නිවේදනය අවලංගු කිරීමට...

‘පොල්තෙල් සහ පාම්තෙල් කලවම් කර විකිණීමට අනුමැතිය දුන් ගැසට් නිවේදනය අවලංගු කිරීමට ඇමති විමල්ගෙන් උපදෙස්’


‘පොල්තෙල් සහ පාම්තෙල් කලවම් කර විකිණීමට අනුමැතිය දුන් ගැසට් නිවේදනය අවලංගු කිරීමට  ඇමති විමල්ගෙන් උපදෙස්’

පොල්තෙල් සහ පාම්තෙල් කලවම් කර විකිණීමට අවසරය ලබා දෙමින් 2016 වසරේ නිකුත් කරන ලද ගැසට් නිවේදනය ඉවත් කරන ලෙස පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයාට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා උපදෙස් ලබා දෙනු ලැබීය. දේශීය පොල්තෙල් නිෂ්පාදකයන් සමඟ ඊයේ(29) 73/1, ගාලු පාර, කොළඹ 03 යන ස්ථානයේ පිහිටි කර්මාන්ත අමාත්‍යාංශයේ දී දේශීය පොල්තෙල් නිෂ්පාදකයන් සමඟ පැවැති සාකච්ඡාව අතරතුර පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයා සමඟ සිදු කළ දුරකථන සංවාදයක දී අමාත්‍යවරයා මෙසේ උපදෙස් දෙනු ලැබීය. මෙම ගැසට් නිවේදනය 2016 දී එවකට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය ලෙස කටයුතු කළ රිෂාඞ් බදියුදීන් මහතාගේ උපදෙස් මත පාරිභෝගික සේවා අධිකාරිය විසින් නිකුත් කොට ඇති බව ද මෙම දුරකථන සංවාදයේ දී අනාවරණය විය. දේශීය පොල්තෙල් නිෂ්පාදකයන් පෙන්වා දුන්නේ ආනයනික පොල්තෙල් කිලෝග්‍රෑමයක් සඳහා පැවැති රුපියල් 295ක සෙස් බද්ද රුපියල් 125 දක්වා අඩු කිරීම හේතුවෙන් දේශීය පොල්තෙල් කර්මාන්තය බරපතළ ලෙස කඩා වැටුණු බව ය. මෙවැනි බදු සහනයක් යටතේ පොල්තෙල් ආනයනය සිදු කරන බැවින් දේශීය පොල්තෙල් නිෂ්පාදකයන්ට ඒ සමඟ තරඟ කළ නොහැකි බව ද ඔවුහු අමාත්‍යවරයාට පෙන්වා දුන්හ. කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා මෙහි දී පවසා සිටියේ සිදුව ඇති මිල විකෘතියේ ප්‍රශ්නය කැබිනට් පත්‍රිකාවක් මගින් නිවැරදි කරන බව ය. තම අමාත්‍යාංශය යටතේ පවතින ‘බිසීසී ලංකා’ රාජ්‍ය සමාගම මගින් දේශීය නිෂ්පාදකයන්ගෙන් පාලන මිලකට පොල්තෙල් මිලදී ගැනීම, පොල්තෙල් වෙනුවට කොප්පරා ආනයනය කර දේශීය පොල්තෙල් නිෂ්පාදකයන් හරහා පොල්තෙල් නිපදවීම, පොල්, ගෙඩි වශයෙන් අපනයනය නතර කිරීම වැනි දේශීය පොල්තෙල් කර්මාන්තය නඟා සිටුවීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව ද මෙහි දී අමාත්‍ය විමල් වීරවංශ මහතා අවධාරණය කළේය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නාමල් රාජපක්ෂ 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

එයාර් බස් ගනුදෙනුවට අදාල සිද්ධියකට අත්අඩංගුවට ගත් පා.ම නාමල් රාජපක්ෂ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැප්තැම්බර් 18 දක්වා රිමාන්ඩ්.

පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ අත්අඩංගුවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.අද(04) පෙරවරු 9.00ට...

බය නම් එන්නෙ නෑ.. ඕනෑම ස්වාධීන පරීක්ෂණයකට සූදානම්-නාමල් රාජපක්ෂ

පැහැදිලිවම මම වැරැද්දක් කරලා නැහැ. අපිට වැරදි කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. ඒ හින්දා අපි ඕනෑම වෙලාවක ස්වාධීන පරීක්ෂණවලට මුහුණදෙන්න අපි සූදානම්.බය නම් අපි එන්නෙ නෑ...

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් අත්අඩංගුවට

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මහතා අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබා දීමට අද පෙරවරුවේ පැමිණ තිබුණි. එහිදී අල්ලස් කොමිසම විසින් ඒ මහතා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img