කොවිඩ් ගැන සෞඛ්‍ය අංශයෙන් අනතුරු ඇඟවීමක්
මෙරට තුළ කොවිඩ් අවදානම තවදුරටත් පහව ගොස් නොමැති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
මාස දෙකකට අධික කාලයක සිට සමාජය තුළින් කිසිදු කොවිඩ් රෝගියෙකු වාර්තා නොවූවද විදෙස් රටවල සිට පැමිණෙන පුද්ගලයින් හේතුවෙන් කොවිඩ් යළි පැතිරීමේ අවදානමක් පවතින බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රධාන වසංගත රෝග ඔහු මේ බව සඳහන් කළේය.
“විදෙස් රටවල සිට කොවිඩ්-19 රෝගීන්තමයි, මේ රටට එන්නේ, වෛරසය ආසාදිතයින් පුද්ගලයින් අපේ මේ භූමිය තුළ සිටිනවා, රෝහලකට හෝ නිරෝධායන මධ්‍යස්ථානයක සමහර වේලාවට අත්වැරදීමකින් හෝ අතපසුවීමකින් ඔවුන් සමාජයත් සමග ගැටෙන්නට පුළුවන්, ඒ වාගේම තමයි අපේ රටට ඉන්දියාවේ සිට නීතිවිරෝධීව මුහුදු මාර්ගයෙන් ඇතැම් පිරිස් ආවා, ඒ වගේම මුහුදේදී ඉන්දියානු ජාතිකයින් හමුවිය හැකියි, ඒ නිසා තවමත් අපේ සමාජය අනාරක්ෂිතයි. ඇත්තෙන්ම ශ්‍රී ලංකාවේ ජනතාව කොවිඩ්-19 රෝගයේ භායානක දැක්කේ නැහැ“ යනුවෙන් වෛද්‍ය සුදත් සමරවීර මහතා වැඩිදුරටත් පැවසීය.






















