Friday, April 17, 2026
HomeNEWSකොළඹ නගරයේ ගස් කඩා වැටීමට හේතු හා පිළියම් සොයන්න ජනාධිපති කාර්යාල පරිසර...

කොළඹ නගරයේ ගස් කඩා වැටීමට හේතු හා පිළියම් සොයන්න ජනාධිපති කාර්යාල පරිසර ඒකකය පෙරමුණට …

කොළඹ නගරයේ ගස් කඩා වැටීමට හේතු හා පිළියම්

සොයන්න ජනාධිපති කාර්යාල පරිසර ඒකකය පෙරමුණට …

කොළඹ නගරයේ

විටින් විට විශේෂයෙන් වැසි සමයේ දී සිදුවන ගස් කඩා වැටීමට හේතු සොයා පිළියම් හඳුනා

ගැනීමේ අධ්‍යයන සමීක්ෂණයක්  ජනාධිපති කාර්යාල

පරිසර ඒකකයේ මෙහෙයවීමෙන් පසුගියදා සිදු කෙරිණ. ඒ සඳහා ආනන්ද කුමාරස්වාමි මාවත, ග්‍රෙගරි

පාර සහ තුන්මුල්ල වැනි ගස් කඩා වැටීම් බහුලව සිදු වන ප්‍රදේශ පාදක කර ගන්නා ලදී. 

ජ්‍යෙෂ්ඨ

පොලිස් අධිකාරි රොෂාන් රාජපක්ෂ මහතා ජනාධිපති කාර්යාලයීය විශේෂ පැවරුම් හා පරිසර

අධ්‍යක්ෂ ධූරයට පත්වීමෙන් අනතුරුව මේ වැඩසටහන ආරම්භ කරනු ලැබීය. පේරාදෙණිය උද්භිද

උද්‍යානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය අචලා අත්තනායක, වනෝද්‍යාන අංශ භාර නිලධාරී

සුනිල් ගමගේ, වනෝද්‍යාන අංශ භාර කොළඹ මහ නගර සභාවේ සහකාර නිලධාරී පසන් තරිදු වික්‍රමසිංහ

සහ නගර අලංකරණ නියෝජ්‍ය අධ්‍යක්ෂ තරංගා මුණිවීර යන මහත්ම මහත්මීහු  අධ්‍යයන සමීක්ෂණයට සහභාගී වූහ. ජනාධිපති

කාර්යාලයීය විශේෂ පැවරුම් හා පරිසර ඒකක නිලධාරීන්ගේ සහය ඔවුනට ලැබිණ.

පසුගිය දින

කිහිපය තුළ කොළඹ නගරයේ විශාල ගස් 27ක් ඉදිරි ඇඳ වැටිණ. ගසේ මුල් දිරාපත් වීම, ආයු

කාලය ක්ෂය වීම, පරපෝෂණය හා ශාක කඳන් මත පාසි බැඳීමෙන් ඒවායේ බර වැඩිවීම වැනි සාධක

ඊට හේතුවන බව  අධ්‍යයනයෙන් අනාවරණය විය.

අධ්‍යයනයෙන්

හෙළි වූ තොරතුරු තවදුරටත් විමර්ශණය කොට අවශ්‍ය පිළියම් කරමින් ගස් ආරක්ෂා කර ගන්නා

අතර, මහජනතාවගේ හා දේපළවල සුරක්ෂිතතාව සහතික වන අයුරින් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට

සැලසුම් කෙරේ. 

කොළඹ විහාර

මහා දේවි උද්‍යානයේ රැස් කර තිබූ කඩා වැටුණු ගස් සහ අතු ආරක්ෂිතව ඉවත් කිරීම ද අධ්‍යයන

සමීක්ෂණයට සමගාමීව සිදු විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

බලශක්ති ඇමති කුමාර සහ අමාත්‍යාංශ ලේකම් ඉල්ලා අස්වෙති

බලශක්ති ඇමති කුමාර සහ අමාත්‍යාංශ ලේකම් ඉල්ලා අස්වෙති ගල්අඟුරු ආනයනයට අදාළ ක්‍රියාවලිය පරීක්ෂා කර බැලීමේ විශේෂ ජනාධිපති කොමිසම විසින් ඉදිරියේ පවත්වනු ලබන අපක්ෂපාතී හා...

ගිනි අවි සමග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි අත්අඩංගුවට

වරෙන්තුවක් මත නිවසේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී උණ්ඩ 221 ක්, අත්බෝම්බයක් සහ ටී - 56 මැගසින් 2 ක් සමඟ හිටපු පා. ම. චන්දන කත්‍රිආරච්චි කොළඹ...

ජනපති මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදකී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදැක උදා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට ආශිර්වාද ලබා ගත්තේය. මල්වතු මහා...

ඉරානයෙන් පිටත් වූ නෞකා දෙකකට හෝමුස් තරණයට අමෙරිකාවෙන් බාධා

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා පිටවීමට උත්සාහ කළ තෙල් නෞකා දෙකක් ආපසු හරවා යැවීමට අමෙරිකානු නාවික හමුදා ප්‍රහාරක නෞකාවක් සමත්ව තිබේ. එම නෞකා ඉරානයේ චබහාර් සිට...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img