“දඹුල්ලේ ඇති වූ විකිරණශීලී වැලි ප්‍රශ්නයට” ඇමති විමල් තදින් සිටී
අදාළ ආයතනයට ඛනිජවැලි අපද්‍රව්‍ය රැගෙන ඒම වහාම අත්හිටුවයි…
පුල්මුඬේ සිට දඹුල්ල ප්‍රදේශයට ගෙන එන වැලිවල විකිරණශීලී ස්වභාවයක් ඇති බවට පේරාදේණිය විශ්වවිද්‍යාලයේ භූගර්භ විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය අතුල සේනාරත්න මහතා සිදුු කළ අනාවරණය කෙරෙහි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ දැඩි අවධානය යොමුව තිබේ.
ඒ අනුව තම අමාත්‍යාංශයට අයත් ‘ලංකා මිනරල් සෑන්ඞ්ස් ලිමිඩට්‘ ආයතනයේ පුල්මුඬේ යන්ත්‍රාගාරයේ සිට ඉහත අනාවරණයෙහි සඳහන් දඹුල්ල ප්‍රදේශයේ පෞද්ගලික ආයතනය වෙත ඛනිජවැලි නිකුක් කිරීම වහා අත්හිටුවීමට අමාත්‍යවරයා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබේ.
එසේම ලංකා මිනරල් සෑන්ඞ්ස් ලිමිටඞ් ආයතනය ඉල්මනයිට් සහිත ඛනිජවැලි පිරිපහදු කිරීමෙන් අනතුරුව ඉතිරි වන අපද්‍රව්‍ය පෞද්ගලික ආයතන වෙත ලබා දීමේ දී අනුගමනය කරන ලද ක්‍රියාවලිය පිළිබඳව වහාම සොයා බලන ලෙස ද උපදෙස් ලබා ඇති අමාත්‍යවරයා ‘දඹුල්ලේ ඇති වූ විකිරණශීලී වැලි ප්රශ්නය’ සහ ලංකා මිනරල් සෑන්ඞ්ස් ලිමිටඞ් ආයතනයේ මෙහෙයුම් පිළිබඳව සොයා බැලීම පිණිස විද්වත් කමිටුවක් පත් කිරීමට නියමිතය.






















