ඉස්ලාම් යාච්ඤා මෙහෙයන් සඳහා සහභාගී වන පිරිස 50කට අඩු කෙරේ
ඉස්ලාම් දේවස්ථානවල යාච්ඤා මෙහෙයන් පැවැත්වීමේදී බැතිමතුන් සහභාගී කරගැනීම සියයට 50කින් අඩු කරන්නැයි දැනුම් දී තිබේ.
ඒ අනුව, දේවස්ථානයේ ධාරිතාවය 100ට වැඩිනම් එහි පැවැත්වෙන ආගමික කටයුතු සඳහා එක්විය හැක්කේ 50 දෙනෙකුට පමණි.
රට තුළ පවතින කොවිඩ් -19 තත්ත්වය සැළකිල්ලට ගෙන මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.
ඒ අනුව ආගමික කටයුතු පැවැත්වීමේදී සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් අදාළ කටයුතුවල නිරත වන ලෙසද ඉස්ලාම් බැතිමතුන්ට දැනුම් දෙයි.






















