Thursday, September 3, 2026
HomeNEWSCOVID-19ඉටුකම COVID- 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල රුපියල් මිලියන 1659 දක්වා...

ඉටුකම COVID- 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල රුපියල් මිලියන 1659 දක්වා ඉහළට …

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල දැන් රුපියල් මිලියන 1659 ඉක්මවා තිබේ.

අග්‍රාමාත්‍ය කාර්යාලය රුපියල් 82,906.97ක්, ආර්.ජී.අයි. සිතුමිණි බණ්ඩාර දියණිය රුපියල් 6,000ක්,  ගම්පහ දිස්ත්‍රික් සමෘද්ධි නිලධාරීන්ගේ සුබසාධක සංගමය රුපියල් 100,000ක් සහ ලංකා බැංකුවේ විශ්‍රාමිකයන්ගේ සංගමය රුපියල් 2,500,000ක් අරමුදලට පරිත්‍යාග කර ඇත. අදාළ පරිත්‍යාග අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත භාරදෙනු ලැබිණ.

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි වෙසෙන චැඩ් සහ ජෙඩ් පුතුන් දෙදෙනා රුපියල් 207,851.16ක් අරමුදලට පරිත්‍යාග කළ අතර ඔවුන්ගේ පියා පරිත්‍යාග මුදල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත භාර දුන්නේය.

පූජ්‍ය ඇඹිලිපිටියේ තේජෝසාර හිමි රුපියල් 5,000ක්, ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය රුපියල් 4,500,000ක් සහ හෙට්ටිගොඩ ඉන්ඩස්ට්‍රීස් පෞද්ගලික සමාගම රුපියල් 5,000,000ක් අරමුදලට පරිත්‍යාග කර තිබේ.

Lanka Leyland (Pvt) Ltd රුපියල් 500,000ක්, Colombo International Container Terminals Ltd රුපියල් 800,000ක්, Taj Bentota Resort & SPA රුපියල් 525,892.65ක්, සී/ස ඕෂන් වීව් ඩිවලොප්මන්ට් පුද්ගලික සමාගමේ සේවක සුබසාධක සංගමය රුපියල් 202,600ක්, Vista Lanka Green Globe (Pvt) Ltd රුපියල් 500,000ක්, Consulting Engineers & Architects Associated (Pvt) Ltd රුපියල් 2,504,707.10ක්, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය රුපියල් 1,000,000ක්, මුතූර් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය රුපියල් 39,584.52ක් සහ චාල්ස් පෙරේරා මහතා රුපියල් 150,000ක් අරමුදලට පරිත්‍යාග කර ඇත.

ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ අගය දැන් රුපියල් 1,659,015,132.02 කි.

දෙස් විදෙස් පරිත්‍යාගශීලීහූ ගිණුමට දායක වී සිටිති. චෙක් පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මෙන්ම www.itukama.lk වෙබ් අඩවිය ඔස්සේ හෝ #207# අමතා අරමුදලට දායකවිය හැකිය. දුරකථන අංක 076 – 0700700 / 011 – 2320880 / 011 – 2354340 / 011 – 2424012 ඇමතීමෙන් වැඩි විස්තර දැනගැනීමට පිළිවන.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සල්ගාදු පිටිය නොලැබුණොත් අනුරාධපුරයම ජනතාවගෙන් පුරවනවා- හිටපු රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ

සාල්ගාදු පිටිය නොලැබුනද අනුරාධපුරයේ අපේ විරෝධතාවය සිදුකරනවා........... සැප්තැම්බර් 12 වෙනිදා අපි විසින් අනුරාධපුරයේ සාල්ගාදු පිටියෙහි සූදානම් කරනු ලබන විරෝධතා රැළිය නැවැත්වීමට ආණ්ඩුව විශාල වශයෙන් විවිධවූ...

දිනකට නව පිළිකා රෝගීන් 100ක් හඳුනා ගන්නවා- සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

කළුතර ශික්ෂණ රෝහලේ ඉදිකිරීමට නියමිත “ප්‍රාර්ථනා පියස” සිව්මහල් පිළිකා ප්‍රතිකාර ඒකකයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තබයි. හොරණ වාසනා බේකර්ස් අධිපති දයානන්ද බෝඹුවල මහතා...

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ මළ සිරුර හමුවේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ (57) මළ සිරුර තිඹිරිගස්යායේ පිහිටි ඔහුගේ නිවසේදී සොයාගැනේ; සිය දිවි හානි කර ගත්තේදැයි සැක: පොලිසිය.

ඇමෙරිකාවේ ප්‍රහාර වලට ඉරානයෙන් ප්‍රතිප්‍රහාර

පුද්ගලයින් සිව් දෙනෙකුට මරු කැඳවමින් 50 කට වැඩි පිරිසකට තුවාල සිදු කරමින් දකුණු ඉරානයේ සිරික් හි විවාහ මංගල උත්සවයකට ඇමරිකාව එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිචාර...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img