Monday, October 26, 2026
HomeNEWSLatest Newsලෝක ආහාර දින පණිවිඩය

ලෝක ආහාර දින පණිවිඩය

ලෝක ආහාර දින පණිවිඩය

ලෝක ආහාර දිනය (World Food Day) අද දිනයට යෙදී තිබේ. මෙවර එහි තේමාව වන්නේ “සැවොම එක්ව, වැඩෙන්න, පෝෂණය කරන්න, පවත්වා ගන්න, අපගේ ක්‍රියාවන් අපගේ අනාගතයයි” යන්නයි.

1945 වසරේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ආහාර සහ කෘෂිකර්ම සංවිධානය හඳුන්වාදීම අනුස්මරණය කිරීමට සෑම වසරකම ඔක්තෝබර් 16 වැනිදා ලෝක ආහාර දිනය වශයෙන් නම් කරන ලදී. එතැන් පටන් කුසගින්න සහ මන්ද පෝෂණයෙන් තොර ලොවක් ගොඩනැගීමේ දී ජයග්‍රහණය කළ යුතු අභියෝග පිළිබඳ දැනුවත්භාවය වැඩි කිරීමේ අවස්ථාවක් ලෙස ලෝක ආහාර දිනය යොදා ගනී.

ලෝකයේ සෞඛ්‍ය සම්පන්න ජනතාවක පැවැත්ම ආහාර සුරක්ෂිතභාවය,පෝෂණයට අවශ්‍යය තිරසාර ආහාර රටාව හා සෞඛ්‍ය සම්පන්න ආහාර පද්ධති මත රඳා පවතියි. අතීතයේ පටන් දේශීය ආහාර රටාවකට උරුමකම් කියන ජාතියක් ලෙස අපි දේශීය ආහාර රටාවකට උරුමකම් කියන ආහාර වලින් ස්වයංපෝෂිත ජාතියකි.

කොවිඩ් – 19 වසංගත තත්ත්වය හමුවේ ලෝක ජනගහනය දැඩි අර්බුදකාරී තතත්වයකට මුහුණ දී තිබේ. ඒ නිසා අද ජනතාවගේ ආහාර අවශ්‍යතාව සපුරා ගැනීම පිළිබඳව ලෝක මට්ටමෙන් අවධානය යොමුවනු ඇත. එසේ වුවද රටක් ලෙස කොවිඩ්-19 තත්ත්වයට මුහුණදෙමින් එය පාලනය කර ගැනීමේදී අන් සියලු රටවලට වඩා අපගේ ආහාර රටාව ද වැදගත් සාධකයක් විය.

ඉවතලන දණ්ඩක් වුවද ලියලන අපගේ මේ මහ පොළොව ආහාර බෝග නිෂ්පාදනාගාරයකි. ඈත අතීතයේ පටන් අපගේ හෙළ දරුවන් හා මුතුන් මිත්තන් විසින් හඳුන්වාදුන් ආහාර රටාවන් තුළින් රෝගාබාධයන් මේ පොළවෙන් තුරන් විය. එවන් ආහාර රටාවකට හිමිකම් කියන අප සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළින් ද දේශීය ගොවියා හා දේශීය ආහාර නිෂ්පාදන නඟා සිටුවීමට කටයුතු කරන්නෙමු.

මෙරට නිෂ්පාදනය කළ හැකි ආහාර බෝග විදෙස් රටවලින් ආනයනය කිරීම හමුවේ මෙරටට අහිමිවන විදේශ විනිමය ප්‍රමාණය ඉහළ යාම රටට අහිතකර මෙන්ම රටේ ආර්ථිකයට ප්‍රභල අභියෝගයකි. එවන් පසුබිමක් තුළ අප රජය යටතේ දේශීයත්වය අගයමින් දේශීය සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවකට ජනතාව හුරු කරවීම ආරම්භ කර ඇති බව නොරහසකි. 

ආහාර යනු මානව පැවැත්ම සහ යහ ජීවනය සඳහා වන මූලික අවශ්‍යතාවයකි. ලෝක ආහාර ප්‍රශ්නය පිළිබඳව ජනතාවගේ දැනුම වර්ධනය කරමින් සහ සාගින්න, මන්දපෝෂණය සහ දරිද්‍රතාවයට එරෙහිව ගෙන යන අරගලයේදී සහයෝගීතාවය ශක්තිමත් කිරීමට මෙවර ආහාර දිනයේදී අප පෙළ ගැසෙමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

වැඩිම වර්ෂාපතනය, පුත්තලම – කරන්දිපෝවල් ප්‍රදේශයට

අද (26) පෙ:ව: 8.30 න් අවසන් වූ පැය 24 තුළ, 195.7 mm ක වැඩිම වර්ෂාපතනය, පුත්තලම - කරන්දිපෝවල් ප්‍රදේශයට. කුලියාපිටිය - 193 mm මන්නාරම - ඉලුප්පෙකඩවයි -...

“ඔර්නබ්‘ සුළිකුණාටුවේ බලපෑමෙන් පළාත් කිහිපයකට තද වැසි

‘ඔර්නබ්‘ සුළිකුණාටුවේ බලපෑම ශ්‍රීලංකාවට වක්‍රාකාරව බලපාන බැවින් උතුර,බස්නාහිර,සබරගමුව,වයඹ,මධ්‍යම සහ දකුණු පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ද තද වැසි ඇතිවිය හැකියි-MET

ලූලා ද සිල්වා සිව්වැනි වරටත් බ්‍රසීලයේ ජනාධිපතිධූරයට

බ්‍රසීල ජනාධිපතිවරණයේ දෙවන වටයෙන් දක්ෂිණාංශික සෙනට් සභික ෆ්ලේවියෝ බොල්සනාරෝට එරෙහිව, වාමාංශික නායක ලුවිස් ඉනාසියෝ ලූලා ද සිල්වා ජයග්‍රහණය කළ බව එරට මැතිවරණ අධිකාරිය පවසයි -ලූලාද...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් හර පද්ධතියක් සහිත පරපුරක් බිහි කරනවා-අගමැතිනිය

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් දැනුම, කුසලතා මෙන්ම හර පද්ධතියක් සහිත පරපුරක් බිහි කරනවා -අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය 2026 වසරේදී පළමු වසර සඳහා හඳුන්වා දුන් නව විෂය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img