විස්ස වැඩි ඡන්දයෙන් සම්මතයි
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් අද (22) සම්මත විය.
එහිදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 156ක් සහ විපක්ෂව ඡන්ද 65ක් හිමි විය.
ඒ අනුව තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් එම පනත් කෙටුම්පතෙහි දෙවන වර කියවීම පාර්ලිමේන්තුවේදී සම්මත විය.
මේ අතර සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රිනී ඩයනා ගමගේ සහ තවත් විපක්ෂයේ මන්ත්‍රීවරු 7 දෙනෙක් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු සමග පනත් කෙටුම්පතට පක්ෂව ජන්දය ප්‍රකාශ කළහ.
ඉෂාක් රහුමාන්, එම්. රහීම්, අහමඩ් නසීර්, මොහාමඩ් හාරිස්, ෆයිසාල් කාසිම්, අරවින්ද් කුමාර්, සහ එම්. එස්. තව්ෆීක් අනෙක් මන්ත්‍රීවරු 7 දෙනා වේ.
හිටපු ජනාධිපති, ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා ඡන්දය විමසන අවස්ථාවේ සභාවේ නොසිටි බව වාර්තා වේ.
එම පනත් කෙටුම්පතෙහි කාරක සභා අවස්ථාව මේ වනවිට පැවැත් වේ. එහිදී විපක්ෂය විසින් විවිධ සංශෝධන ඉදිරිපත් කළ අතර ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ ව වූ වගන්තියට විපක්ෂය ඡන්ද විමසීමක් ඉල්ලීය.
එම වගන්තියට පක්ෂව මන්ත්‍රීවරු 157 ඡන්දය ප්‍රකාශ කළ අතර ඊට 64 දෙනෙක් විරුද්ධ විණි.






















