Saturday, September 5, 2026
HomeNEWSLatest Newsබේරුවලින් ආසාදිතයින් 20ක් - ධීවර වරාය තාවකාලිකව වැසේ

බේරුවලින් ආසාදිතයින් 20ක් – ධීවර වරාය තාවකාලිකව වැසේ

බේරුවලින් ආසාදිතයින් 20ක් – ධීවර වරාය තාවකාලිකව වැසේ

බේරුවල ධීවර වරායේ වෙළෙඳුන් 20 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.‍

මෙම ආසාදිතයින් හඳුනාගෙන තිබුණේ අහඹු ලෙස සිදුකළ පීසීආර් පරීක්ෂණ මගිනි.

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය ආශ්‍රිත ආසාදිතයින් සංඛ්‍යාවද තවදුරටත් ඉහළ යමින් පවතින අතර ඒ සමග දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාළු වෙළෙඳසැළ් වසා දමා තිබේ.

බේරුවල ධීවර වරායෙන් අහඹු ලෙස තෝරාගත් ධීවරයින් 100 දෙනෙකුගේ පීසීආර් පරීක්ෂණ ඊයේ (22) සිදුකර තිබුණි.

ඒ අතරින් 20 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

මොවුන් සියලු දෙනාම බේරුවල ධීවර වරායේ දිගු කාලීන වෙළෙඳුන් වන අතර
බේරුවල, මග්ගොන, මුංහේන, නල්ලහේන, මොරගොල්ල හා මරදාන යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

මේ පිළිබඳ අදහස් දක්වමින් කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.ජී.සිංහබාහු මහතා මෙසේ පැවසී.

“ඊයේ හවස අපිට වාර්තා වෙනවා පෙරේදා අලුත්ගම බස්නැවතුම් පොළේ සාම්පල් 74ක් කරනවා. එහිදී අලුත්ගම ප්‍රධාන මාළු ව්‍යාපාරිකයෙක් ඊයෙ රාත්‍රියේ පොසිටිව් වෙනවා. ඒ අනුව තමයි ජයවර්ධනපුර ලැබ් එකෙන් කියන්නේ විශාල ප්‍රමාණයක් මේ බේරුවල වරායේ ඊයේ දින අපි උදේ කරපු සාම්පල 100න් පොසිටිව් වෙලා තියෙනවා කියලා. ඒ කියන්නේ සියයට 20ක ප්‍රමාණයක්. “

කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ වෛද්‍ය තුෂාර වාස්ගුණවර්ධන මහතා කියා සිටියේ, මේ තත්ත්වය සමග වැඩිපුර රෝගීන් එම ප්‍රදේශවලින් වාර්තා විය හැකි බවය. 

මෙම තත්ත්වයත් සමග බේරුවල ධීවර වරාය අද (23) තාවකාලිකව වසා දැමීමට පියවර ගැණුනි.

එහි ධීවරයින් සහ ඔවුන්ගේ ආශ්‍රිතයින් 700 දෙනෙකුගේ පීසීආර් පරීක්ෂණ අද සිදුකිරීමට නියමිතය.

ඒ අතර බේරුවල ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල සහ අලුත්ගම මාළු වෙළෙඳ සංකීර්ණයත් වසා දැමීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඉරාන ඉන්ධන ප්‍රවාහන නෞකාවකට ඇමරිකානු මිසයිල ප්‍රහාර

ඉරාන - බොරතෙල් අපනයනයෙන් 90% ක් පමණ මෙහෙය වන, "කාර්ග් දූපත" අසලදී, ඉරාන ඉන්ධන ප්‍රවාහන නෞකාවකට ඇමරිකානු මිසයිල ප්‍රහාර 04 ක් එල්ල වී ඇති...

නාමල් අත්අඩංගුවට ගැනීම එජාපය දැඩි පිළිකුලකින් යුතුව හෙළා දකී

එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ විශේෂ නිවේදනය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්...

ලිට්‍රෝ ගෑස් මිල පහළට

අද (05) සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල පහළට. 12.5 kg රු. 100 (නව මිල රු. 4,365), 5 kg රු. 42 (නව මිල රු. 1,750), 2.3...

නාමල් රාජපක්ෂ 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

එයාර් බස් ගනුදෙනුවට අදාල සිද්ධියකට අත්අඩංගුවට ගත් පා.ම නාමල් රාජපක්ෂ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැප්තැම්බර් 18 දක්වා රිමාන්ඩ්.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img