කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයාගේ අවසන් කටයුතු අද පස්වරුවේ
කොවිඩ් – 19 වෛරසය ආසාදිතව අද (24) උදෑසන මියගිය පුද්ගලයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකිරීමට නියමිතය.
මෙරට 15 වැනි කොවිඩ් ආසාදිත මරණය ලෙස කුලියාපිටිය ඌරලිය කිතලව ප්රදේශයේ පදිංචි 56 හැවිරිදි අයෙක් අද ජීවිතක්ෂයට පත්විය.
එම පුද්ගලයා ඉකුත් 14 වැනිදා කුලියාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබුණේ හෘද රෝගී තත්ත්වයක් හේතුවෙනි.
පසුව ඉකුත් 16 වැනිදා ඔහුව දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර අතර අද අලුයම ජීවිතක්ෂයට පත්වූ බව කුලියාපිටිය රෝහලේ අධ්යක්ෂ වෛද්ය ප්රභාත් වේරවත්ත මහතා සඳහන් කළේය.
ඔහුගේ තුන්වැනි පීසීආර් පරීක්ෂණ වාර්තාව අනුව කොවිඩ් වෛරසය ආසාදිතව සිට ඇතැයි තහවුරු වී තිබේ.
පෙරේදා පස්වරුවේ අංගොඩ අයි.ඩී.එච්.රෝහලේදී මියගිය කුලියාපිටිය පදිංචි කාන්තාව කුලියාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ අවස්ථාව වනවිට අද මියගිය පුද්ගලයා එහි ප්රතිකාර ලබමින් සිටි බව රෝහල් අධ්යක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර අද වනවිට මෙරටින් වාර්තා වූ සමස්ථ කොවිඩ් ආසාදිතයින් සංඛ්යාව 7000 සීමාව ඉක්මවා ගොස් තිබේ.






















