කොවිඩ් නිසා මාළු කිලෝ ලක්ෂ 3ක් බහුදින ධීවර යාත්රාවල
කොවිඩ් – 19 අර්බුදය හමුවේ මෙරට ධීවර කර්මාන්තය අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්ය ධීවර වරායන් සඳහා විශේෂිත වූ සෞඛ්ය මාර්ගෝපදේශ කඩිනමින් සකස්කරන ලෙස සෞඛ්ය ඇමතිනී පවිත්රා වන්නිආරච්චි මහත්මිය උපදෙස් ලබා දී තිබේ.
ධීවර කාර්මිකයින්ට සහ පාරිභෝගිකයින්ට සහන සැළසීමේ අරමුණින් අමාත්යවරිය විසින් අද (24) පැවති සාකච්ඡාවකදී අමාත්යාංශ ලේකම් මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ මහතාට මෙම උපදෙස් ලබාදී ඇති බව සදහන් වේ.
මාත්ස්ය කිලෝග්රෑම් 350,000ක තොගයක් සහිත බහුදින ධීවර යාත්රා 53ක් බේරුවල හා ගාල්ල ධීවර වරායන්හි පවතින බවට එම සාකච්ඡාවේදී අනාවරණය වී තිබේ.
මේ හේතුවෙන් එම මාළු තොග පාරිභෝගිකයින්ට බෙදාහැරීම සඳහා සෞඛ්ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් කටයුතු කිරීමට අවශ්ය සැළසුමක් කඩිනමින් සකස් කිරීම පිළිබඳව එම සාකච්ඡාවේදී අවධානය යොමුවූ බව සෞඛ්ය අමාත්යාංශය පවසයි.
ඒ අනුව ඊට අවශ්ය මාර්ගෝපදේශ සකස්කර ධීවර අමාත්යාංශය හරහා ධීවර වරායන් වෙත නිකුත් කිරීමට කටයුතු කරන ලෙස සෞඛ්ය අමාත්යාවරිය සෞඛ්ය අමාත්යාංශ ලේකම්වරයා වෙත උපදෙස් ලබාදී තිබේ.






















