Wednesday, May 6, 2026
HomeNEWSLatest Newsරටටම ආදර්ශයක්! කඩුවෙල කොරෝනා මර්දන මෙහෙයුම් කමිටුව ඇමති විමල්ගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි!

රටටම ආදර්ශයක්! කඩුවෙල කොරෝනා මර්දන මෙහෙයුම් කමිටුව ඇමති විමල්ගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි!

රටටම ආදර්ශයක්!
කඩුවෙල කොරෝනා මර්දන මෙහෙයුම් කමිටුව ඇමති විමල්ගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි!

කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කොරෝනා මර්දන මෙහෙයුම් කමිටුව අද (02) මාලඹේ පිහිටි එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ජානිපෙ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය.

මෙහිදී ඇඳිරි නීති තත්වය තුළ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීම, ස්වයං නිරෝධායනයෙහි නිරත පවුල්වලට සහන සැලසීම ආදී රජය ගෙන ඇති ක්‍රියාමාර්ගවල ප්‍රගතිය විමසා බැලීම සිදු කෙරිණි.

නිරෝධායනයෙහි යෙදී සිටින පවුල්වලට රුපියල් දසදහසක් වටිනා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු සහන මල්ලක් ප්‍රදානය ද එම සාකච්ඡාවෙන් අනතුරුව කඩුවෙල ආසනය පුරා අද සිදු කෙරිණි. තලාහේන ග්‍රාම සේවා වසමෙහි නිරෝධායනයෙහි යෙදී සිටින පවුල් වෙත සහන මලු ප්‍රදානයට ද විමල් වීරවංශ මහතා එක් විය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන මේජර් ප්‍රදීප් උදුගොඩ, ජගත් කුමාර, කඩුවෙල නගරාධිපති බුද්ධික ජයවිලාල් යන මහත්වරු ද එක් වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දැන් නඩු තීන්දු දෙන්නේ ජනාධිපතිවරයා ජේවීපී වේදිකාවේ ඉදන්-නාමල් රාජපක්ෂ

දැන් නඩු තීන්දු දෙන්නේ ජනාධිපතිවරයා ජේවීපී වේදිකාවේ ඉදන්-නාමල් රාජපක්ෂ අපි මැයි දිනයදා තමයි දැනගත්තේ නඩු තීන්දු දෙන්නේ ජේවීපී වේදිකාවේ කියලා.ඒක එදා තහවුරු කළා. ඉතින් ජෙවිපි...

රැඳවියෙකු මියයාමේ සිද්ධියට වැලිකඩ බන්ධනාගාරයේ නියාමයකින් තිදෙනෙකු අත්අඩංගුවට

වැලිකඩ බන්ධනාගාරයේ සිර දඬුවම් ලබමින් සිටි රැඳවියෙකු හදිසියේ රෝහල්ගත කිරීමෙන් පසු මියයාමේ සිදු වීමට අදාළව බන්ධනාගාර නියාමකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රථමවරට ශ්‍රී ලංකාවෙන් පලස්තීනයට තානාපතිවරයෙකුට සමාන නව නියෝජිතයෙක්

තානාපති ධූරයට සමාන නිලයක පිහිට වූ ශ්‍රී ලංකා නියෝජිතයකයෙකු පලස්තීනයට පත් කර තිබෙනවා. ඒ අනුව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා විසින් පලස්තීනයේ ශ්‍රී...

දිනන දකුණෙන් මුදල් ලේකම්ට ප්‍රශ්න 5ක්

ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුමලේකම්,මුදල් අමාත්‍යාංශය.2026-05-04 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91(1) ඈ (xiii) වගන්තිය ප්‍රකාරව ද්විත්ව පුරවැසිභාවය දරන අයෙකු ලෙස දැනට මතුවී ඇති ආන්දෝලනාත්මක...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img