Saturday, November 14, 2026
HomeNEWSCOVID-19කිලිනොච්චියෙනුත් කොවිඩ් ආසාදිතයෙක්

කිලිනොච්චියෙනුත් කොවිඩ් ආසාදිතයෙක්

කිලිනොච්චියෙනුත් කොවිඩ් ආසාදිතයෙක්

කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයෙකු මේවන තෙක් වාර්තා නොවූ කිලිනොච්චිය දිස්ත්‍රික්කයෙන් අද (03) එක් ආසාදිතයෙකු හඳුනාගෙන ඇති බව ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීහු පවසති.

කිලිනොච්චිය, කණ්ඩාවේලෙයි ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකු කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු ලෙස හදුනාගෙන ඇති බව සඳහන් වේ.

කොළඹ පිහිටි හෝටලයක සේවකයෙකු වන එම පුද්ගලයා පසුගිය 28 වනදා සිය නිවස පිහිටි කිලිනොච්චිය ප්‍රදේශය ට ගොස් තිබේ.

ඒ අනුව ඔහු ස්වයං නිරෝධායනයට ලක්කිරීමට පියවරගෙන ඇති අතර ඊයේ දිනයේ දී ඔහුට පීසීආර් පරීක්ෂණයක් සිදුකර ඇති බව සඳහන් වේ.

එහිදී ඔහුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ.

එම ආසාදිතයා යාපනය, මරදන්කර්නි හි පිහිටි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමුකිරීමට පියවර ගත් බව සෞඛ්‍ය අංශ පැවසුහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අධික වර්ෂාවෙන් හානි වූ මන්නාරමේ වී වගාකරුවන් 86 දෙනෙකුට රුපියල් මිලියන 3.6ක වන්දි මුදල්

අධික වර්ෂාවෙන් හානි වූ මන්නාරමේ වී වගාකරුවන් 86 දෙනෙකුට රුපියල් මිලියන 3.6ක වන්දි මුදල් ප්‍රදානය කෙරේ. අධික වර්ෂාව හේතුවෙන් ඇති වූ ජල ගැලීම්වලින් වී වගාවන්ට...

විජේවීර සහෝදරයට සම්පූර්ණයෙන්ම පිටුපාලා ජවිපෙ අද ආණ්ඩු කරනවා- දුමින්ද නාගමුව

" දිවි හිමියෙන් සටන් වැදුණු පරපුරක සිහිනය සමාජවාදය " මැයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ 37වන ඉල්මහා විරු සමරුව ඊයේ දින ( 2026. 11. 13...

බහරේනයේ පිහිටි ඇමරිකානු හමුදා මධ්‍යස්ථානයකට ඉරානය පහර දෙයි

බහරේනයේ පිහිටි ඇමරිකානු හමුදා මධ්‍යස්ථානයකට ඉරානය පහර දෙයි; මාස දෙකකට පසු ගල්ෆ් රාජ්‍යයක විදෙස් හමුදා මධ්‍යස්ථානයකට ඉරානය එල්ල කළ පළමු ප්‍රහාරය බව ද විදෙස්...

අතීතයේදී වැඩිපුරම පක්ෂයට වගකිව්වත් ආණ්ඩුකරණයේදී ඉහළින්ම වගකියන්නේ ජනතාවටයි-ජනපති

37වෙනි ඉල්මහ විරු සමරුව අමතා ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා  සිදුකළ කතාව අපේ පක්ෂයේ නිර්මාතෘ, අපේ පක්ෂය ගොඩනගපු සහ අපේ පක්ෂය කවර අරමුණක් වෙනුවෙන් ගොඩනැගිය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img