Sunday, May 3, 2026
HomeNEWSCOVID-1924වැනි කොවිඩ් මරණය වාර්තා වේ

24වැනි කොවිඩ් මරණය වාර්තා වේ

24වැනි කොවිඩ් මරණය වාර්තා වේ

ශ්‍රී ලංකාවේ සිදුවී ඇති 24වැනි කොවිඩ් -19 මරණය අද (04) වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසති.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 79 හැවිරිදි කාන්තාවක් ඊයේ (03) සිය නිවසේදීම මියගොස් ඇති බවත් පශ්චාත් මරණ පරීක්ෂණයේ දී ඇය කොවිඩ් ආසාදිතයෙක් ලෙස අද (04) හඳුනාගත් බවත්ය.

එම කාන්තාව මසකට අධික කාලයක් සිය නිවසේ රෝගී තත්ත්වයෙන් පසු වූ බවත්, නිධන්ගත රෝගයන්ගෙන් පෙළුන බවත් පශ්චාත් මරණ පරීක්ෂණයේ දී වාර්තා වී ඇත.

එම රෝගීයා මියයාමට ආසන්නම හේතුව වශයෙන් කොවිඩ් -19 ආසාදනය වීම හේතුවෙන් ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් ලෙස දැක්වේ.

මෙය ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ 24 වන කොවිඩ් -19 ආසාදිත මරණය ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.

මේ අතර කොළඹ 13 ප්‍රදේශයේ 78 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් නිවසේ දී සිදුවූ ඇද වැටීමකින් හිසට සිදු වී ඇති බරපතළ හානි සහිතව පසුගිය 02 වන දා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ හේතුවෙන් ඔහු ඊයේ (03) මියගොස් තිබේ.

අද (04) දින සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී එම පුද්ගලයා ද කොවිඩ්-19 ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසති.

කෙසේ වුවද මිය යාමට බලපෑ ආසන්නතම හේතුව අනුව එම මරණය කොවිඩ්-19 ආසාදනයවීම හේතුවෙන් සිදුවූ මරණයක් ලෙස නොසළකන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම් දේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සියලු ඉන්ධන මිල යළි ඉහළට

අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලු ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව පියවර ගෙන තිබේ. ඒ අනුව ලංකා සුදු...

සජබය හා එජාපය එක්වී අවසන් බව සජිත් තහවුරු කරයි

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය යන පක්ෂ දෙක මේ වන විට එක්වී හමාර බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂ නායකවරයා මේ...

ආණ්ඩුව තීන්දු ගන්නේ ජනතාව වෙනුවෙන්- ජනපති නුවරඑළියේදී කියයි

මේ ආණ්ඩුව තීන්දු වර්ග දෙකක් ගත් බවත්, එකක් ජනතාව වෙනුවෙන් ද අනෙක පාලකයන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීමට බවත්, ජනපති අනුර කුමාර දිසානායක පවසනවා. ජනපතිවරයා මේ බව...

දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 33 වැනි ගුණ සැමරේ

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 33 වැනි ගුණ සමුරුව නිමිති කර ගෙන අද අලුත් කඩේ පිහිටි එතුමාගේ පිළිරුව අසල චාම් ගුණ සැමරුම් උත්සවයක් පැවැත්විණි. විපක්ෂ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img