Tuesday, May 5, 2026
HomeNEWSLatest Newsඅමෙරිකානු ජනාධිපතිවරණය 2020 - ජෝ බයිඩන් ඉදිරියට

අමෙරිකානු ජනාධිපතිවරණය 2020 – ජෝ බයිඩන් ඉදිරියට

අමෙරිකානු ජනාධිපතිවරණය 2020 – ජෝ බයිඩන් ඉදිරියට

ඩිමොක්‍රටික් ජනාධිපතිධූර අපේක්ෂක ජෝ බයිඩන් අමෙරිකානු ජනාධිපතිවරණයේ ඉදිරියෙන් සිටින බව ෆොක්ස් පුවත් සේවය වාර්තා කරයි.

මිචිගන් ප්‍රාන්තය ජයගැනීමත් සමග ඔහු “ඡන්ද විද්‍යාල” 264ක් ලබාගෙන සිටී.

නමුත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලබාගෙන ඇත්තේ “ඡන්ද විද්‍යාල” 214ක් පමණි.

කෙසේවෙතත් ධවල මන්දිරයේ සිට ප්‍රකාශයක් කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (04) කියා සිටියේ තමා මැතිවරණය ජයගෙන අවසන් අතර ඉතිරි ඡන්ද ගණන් කිරීම අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යන බවය.

එම ප්‍රකාශයට බොහෝ පාර්ශ්ව වල විරෝධය එල්ල විය.
 
අමෙරිකා එක්සත් ජනපදයේ 59 වැනි ජනාධිපතිවරණය නොවැම්බර් 03 වැනිදා පැවැත්වුණේ ලොව පුරා පැතිර යන කොවිඩ් වසංගතයේ ප්‍රධාන මර්මස්ථානයක් බවට අමෙරිකාව පත්ව ඇති වාතාවරණයකය.

අමෙරිකානු මැතිවරණ ක්‍රමය අනුව ජනතා ඡන්දයෙන් සෘජුව ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමක් සිදු නොවන අතර ඒ වෙනුවට සිදුවන්නේ ඔවුන් තම ප්‍රාන්ත සඳහා “ඡන්ද විද්‍යාල” සාමාජිකයන් තෝරා පත් කරගැනීමය.

එරට ප්‍රාන්ත 50 ට සමාන ලෙස “ඡන්ද විද්‍යාල” දෙක බැගින් 100 ක් බෙදීයන අතර ඊට අමතරව තවත් “ඡන්ද විද්‍යාල” 438 ක් ප්‍රාන්ත වල ජනගහන අනුපාතය අනුව බෙදීයයි.

කිසියම් ප්‍රාන්තයක බහුතර ඡන්ද දිනාගන්නා අපේක්ෂකයාට එම ප්‍රාන්තයේ සමස්ත “ඡන්ද විද්‍යාල” සංඛ්‍යාව හිමිවන අතර ජනාධිපතිවරයා තෝරාපත් කරගනු ලබන්නේ එලෙස පත්වන ඡන්ද විද්‍යාල සාමාජිකයන් විසිනි.

අමෙරිකානු ජනාධිපතිවරයා බවට පත්වන අපේක්ෂකයා මෙම “ඡන්ද විද්‍යාල” සාමාජිකයන් 538 න් අඩක් ඉක්මවන එනම්, අවම වශයෙන් “ඡන්ද විද්‍යාල” 270 ක සහාය ලබාගත යුතුවේ.

ඒ අනුව මෙවර ජනාධිපතිවරණය වත්මන් ජනාධිපති රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂක හිටපු උප ජනපතිවරයෙකු වු ජෝ බයිඩ්න් අතර සටනක් බවට පත්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රැඳවියෙකු මියයාමේ සිද්ධියට වැලිකඩ බන්ධනාගාරයේ නියාමයකින් තිදෙනෙකු අත්අඩංගුවට

වැලිකඩ බන්ධනාගාරයේ සිර දඬුවම් ලබමින් සිටි රැඳවියෙකු හදිසියේ රෝහල්ගත කිරීමෙන් පසු මියයාමේ සිදු වීමට අදාළව බන්ධනාගාර නියාමකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රථමවරට ශ්‍රී ලංකාවෙන් පලස්තීනයට තානාපතිවරයෙකුට සමාන නව නියෝජිතයෙක්

තානාපති ධූරයට සමාන නිලයක පිහිට වූ ශ්‍රී ලංකා නියෝජිතයකයෙකු පලස්තීනයට පත් කර තිබෙනවා. ඒ අනුව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා විසින් පලස්තීනයේ ශ්‍රී...

දිනන දකුණෙන් මුදල් ලේකම්ට ප්‍රශ්න 5ක්

ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුමලේකම්,මුදල් අමාත්‍යාංශය.2026-05-04 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91(1) ඈ (xiii) වගන්තිය ප්‍රකාරව ද්විත්ව පුරවැසිභාවය දරන අයෙකු ලෙස දැනට මතුවී ඇති ආන්දෝලනාත්මක...

රංග නිශාන්තගේ මරණය වගේම මරණ පරීක්ෂණයත් සැක සහිතයි-ගම්මන්පිල

2026 මැයි 04 වන දින පැවැති පිිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක් වූ අදහස් රංග නිශාන්තගේ මරණය වගේම...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img